අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් වියේ තරබාරුකම පිළිකාවකට අතවැනීමක් විය හැක

    මැයි 26, 2015

    යොවුන් වියේ තරබාරුකම පසු කාලෙක අන්ත්‍ර (බඩවැල්) පිළිකා අවදානම වැඩි කරන බව පර්යේෂණයක් මඟින් හෙළිදරව් කරගෙන ඇත.

     

    පර්යේෂකයන් පිරිසක් විසින් වසර 35 කට ආසන්න කාලයක් පුරා ස්වීඩන් ජාතිකයන් 240,000 ක් යොදාගෙන සිදු කළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

     

    මෙම විශ්ලේෂණය තුළින් නව යොවුන් වියේ තරබාරු පුද්ගලයන්ට පිළිකාවක් හටගැනීමේ දෙගුණයක අවදානමක් පවතින බව පෙන්වා දී තිබේ. මෙහි දත්ත වාර්තා අනුව තරබාරු යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව ද පැහැදිලි වී ඇත.

     

    තරබාරුකම හා පිළිකා අතර සම්බන්ධය "ශක්තිමත්" බව ලෝක පිළිකා පර්යේෂණ අරමුදල පවසා ඇත.

     

    අන්ත්‍ර (බඩවැල්) පිළිකා යනු වසරකට රෝගීන් මිලියන 1.4ක් පමණ වාර්තාවන ලෝකයේ තුන්වන, වඩාත් පොදු පිළිකා තත්වයක් වේ.

     

    සකස් කළ රතු මස් සහ උදර මේදය මෙම රෝගයට හේතුකාරක වන බව ද සොයා ගෙන ඇත.

     

    මෙම අධ්‍යයනයට සහභාගි වූවන් වයස අවුරුදු 16 සහ 20 අතර යෞවන යෞවනියන් වේ. ඔවුන් අතරින් තරබාරුව සිටි පුද්ගලයන්ට අන්ත්‍ර (බඩවැල්) පිළිකා වර්ධනය වීම 2.38 ගුණයකින් වැඩි වීමේ ප්‍රවණතාවක් පැහැදිලිව දක්නට ලැබී ඇත.

     

    ස්වීඩනයේ ඕර්බ්‍රෝ විශ්ව විද්‍යාල රෝහලේ සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් මෙම අධ්‍යයනය මෙහෙයවා ඇත. නව යොවුන් විය, ළමා වයේ සිට පරිණත නොහොත් වැඩිහිටි බවට පත්වන සංක්‍රාන්ති සමයක් සලකුණු කරන අතර වේගවත් ශාරිරීක වර්ධනයක් පෙන්නුම් කරන තීරණාත්මක කාලයක් බව එම අධ්‍යයනය මඟින් පැහැදිලි කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya