අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයේ ආදායම් ප්‍රවර්ධන ප්‍රගති සමාලෝචන හමුවක්

    දෙසැම්බර් 21, 2014

    ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම යන ව්‍යාපෘතිය යටතේ පසුගිය සැප්තැම්බර් මස 04, 05 දිනවල පැවත්වූ පළාත් පාලන ආයතනයන්ගේ ආදායම් කළමනාකරණය /ප්‍රවර්ධනය පිළිබඳ වැඩසටහනේ දී සාකච්ඡා කරන ලද ක්‍රියාකාරි සැලස්මෙහි ප්‍රගති සමාලෝචනය සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා බ්‍රහස්පතින්දා (18) පවත්වන ලදී.


    රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ආර්.එච්.ඩී. චමිල කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනයන්ගේ ලේකම්වරුන්, ආදායම් ප්‍රවර්ධන නිලධාරීන් සහ ආදායම් පරීක්ෂකවරු මෙම අවස්ථාවට සහභාගි වූහ. මීට රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සහභාගි විය‍.


    එහිදී හිඟ ආදායම් ඒකරාශි කිරීම සඳහා සකස් කරන ලද ක්‍රියාකාරි සැලස්මේ ප්‍රගතියට අනුව අයගම ප්‍රාදේශීය සභාව, නිවිතිගල ප්‍රාදේශීය සභාව, බලංගොඩ ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සහ කහවත්ත ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල මනා ප්‍රගතියක් දක්නට ලැබුණි.


    රත්නපුර දිස්ත්‍රික්කයේ හිඟ ආදායම් ඒකරාශි කිරීමේ සමස්ත ප්‍රතිශතය 8.5%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.


    මෙම අවස්ථාවට සහභාගි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ව්‍යාපෘති කළමනාකරු ආර්. ශන්මුගරාජා මහතා පවසා සිටියේ පළාත් පාලන ආයතනයන් තම බල ප්‍රදේශයේ මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා තමන්ගේ ආදායම් සහ මූල්‍යමය තත්වයන් වර්ධනය කර ගැනීම අතවශ්‍ය වන බවත් පළාත් පාලන ආයතනවල ආදායම් පැවරීම, අයකිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ නීතිමය විධිවිධාන රාමුව තුළ හිඟ ආදායම් කඩිනමින් ඒකරාශි කිරීම උචිත බවත්ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya