අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූඬළුඔය නගරයේ ගිනිගත් වෙළෙඳ සැල් නැවත ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරියෙන්

    දෙසැම්බර් 19, 2014
    පූඬළුඔය නගර මධ්‍යයේ තිබූ ගිනි ගැනීමේ හේතුවෙන් විනාශ වූ වෙළෙඳ සැල් නැවත ඉදිකිරීමේ කාර්යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින ආරම්භ කරන ලදී.
     
    නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ සැලසුම් හා අධීක්ෂණය යටතේ මෙම වෙළෙසැල්වල ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරනු ලැබ ඇත.
     
    මේ යටතේ කඩ 24ක් ඉදිකරනු ලබන අතර මාස 0‍6ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙම ව්‍යාපෘතිය නිමා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
     
    මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැමිණ සිටි උත්සව සභාව ඇමතූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කඩ පේලිය ගිනිගෙන විනාශවීමෙන් අනතුරු ව පශු සම්පත් හා ප්‍රජා සංවර්ධන කටයුතු අමාත්‍ය තොන්ඩමන් මහතා විසින් මෙම කඩ පේලිය නැවත ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහය ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත් එසේම ජනාධිපතිතුමා විසින් මෙම කටයුත්ත ඉක්මනින් ම කර දෙන ලෙසට උපදෙස් ලබා දුන් බවත් පවසා සිටියේය.
     
    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ බවත් ඒ අනුව මෙම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරු ව දිවයිනේ නගර විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු සිදු කරනු ලැබූ බව ද මෙහිදී අනාවරණය කර සිටියේය. 
     
    ඒ අතුරින් කොළඹ නගරය ලෝකයේ සෙසු ප්‍රධාන නගර හා සංසන්ධනය කළ හැකි ආකාරයේ සංවර්ධිත හා ආකර්ශණීය නගරයක් බවට පත්කිරීමට හැකි වූ බව පැවසූ රාජපක්ෂ මහතා ඉතා මනරම් පරිසරයක ඇති මෙම පූඬළුඔය නගරය ද හොඳ ලස්සන නගරයක් කිරීමට හැකිවීම පිළිබඳ ව තමා ඉතා සතුටට පත්වන බව ද මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
     
    එසේම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති මෙම සැලසුම්වලට අනුව කඩ පේලිය පමණක් නොව ඒ අවට ප්‍රදේශය ද වඩා හිතකර ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වන බව පැවසූ රාජපක්ෂ මහතා ඒ සඳහා තවදුරටත් වඩා හොඳ අදහස් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට මෙහිදී මතක් කර සිටියේය. මෙම ප්‍රදේශයට අවශ්‍ය අනෙකුත් පහසුකම් රජය මඟින් සපයනු ලබන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වඩා හොඳින් නගරය පාවිච්චි කිරීමට හැකි වන පරිදි නගරය සකස් කර දෙන බවත් මෙහිදී පවසා සිටියේය.
     
    අද වන විට අප රටට සාමය ලැබී ඇති බවත් දිනාගත් එම සාමය දිගටම පවත්වාගෙන යාමට මෙම රටේ සිටින සෑම ජන කොටසක් ම ඉදිරියට පැමිණිය යුතු බවත් මෙනෙහි කර දුන් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ද ඒ සඳහා ඇප කැප වී ක්‍රියාකරන බව පවසා සිටි අතර රටේ සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා සෑම දෙනාගේ ම පූර්ණ සහයෝගය ඉදිරියටත් ලබා දෙනු ඇති බවට තමා විශ්වාස කරන බවත් මෙහිදී පවසා සිටියේය.
     
    මෙම ඉදිකිරීම් කටයුතු ඉතා ම කෙටි කාලයක් තුළ දී අවසන් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, පශු සම්පත් හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා, ප්‍රදේශයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා සාමාජිකයන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා හා නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරීන් ද ඇතුළු ව ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya