අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසර 200ට ම පහළ වූ ජනහිතවාදීම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි

    නොවැම්බර් 28, 2014

    1815න් පසු පසුගිය වසර 200ට ම පහළ වූ ජනහිතවාදී ම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

    මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (28) පෙරවරුවේ පොලොන්නරුව ධවල මන්දිරයේදී පැවති 2015 අයවැය යෝජනාවලට අනුව නියඟයෙන් පීඩාවට පත් ගොවි ජනතාව වෙත බිත්තර වී සහනාධාර මුදල් ලබා දීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා, "අපට වගකීමක් තියෙනවා නූපන් දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න. ඒ යුතුකම ඉටු කරන්න කියලා මම පොලොන්නරුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එදා එ.ජා.ප. ආණ්ඩුව කාලේ වී ටික විකුණගන්න බැරුව ගොවියා අසරණ වුණා. එදා වී කිලෝවක් රු. 10. ඒකත් විකුණ ගන්න බෑ. රටේ වී මිල ස්ථාවරව තබා ගන්න තිබුණු වී අලෙවි මණ්ඩලය වහල දැම්මා. ගොවියාට සැලකුවේ එහෙමයි.  ඔබ දන්නවා පොහොර මිටිය රු. 9000ට යනකොට අතිගරු ජනාධිපතිතුමා කීවා ගොවින්ට පොහොර සහනාධාරය ලබා දෙන බව. ඒ වගේ ම ඒ යුතුකම ඔබ වෙනුවෙන් අදටත් ඉටු කරනවා. ඒ සමග ම කෘෂි රක්ෂණයක් ලබා දීමට කටයුතු කළා. මෙවර අයවැයෙන් ගොවි විශ්‍රාම වැටුප් වයස් සීමාව අවුරුදු 63 දක්වා අඩු කරමින් එහි ප්‍රතිලාභ වැඩි ගොවි ජනතාවක් වෙත ලබා දීමට පියවර ගත්තා."

     

    "අද විපක්ෂයට ආණ්ඩුවට කියන්න දෙයක් නැහැ. අද විරුද්ධ දේශපාලනයට කතා කරන්න මාතෘකා නෑ. ඒ නිසා පවුල් වාදය ගැන, වංචා දූෂණ ගැන චෝදනා එල්ල කරනවා."

     

    "2005 ජනාධිපතිතුමා රට භාර ගත්තට පස්සේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වූ බව අද ජනතාව පාවිච්චි කරන පහසුකම්වලින් ඔබට ම අවබෝධ කර ගන්න පුලුවන්. අද නොයෙක් කුමන්ත්‍රණ යනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු මේ කණ්ඩායමට ඕනෑ කරන්නේ මේ සංවර්ධනය ආපසු හරවන්න. මේ තිබෙන නිදහස් නිවහල් රට ඉතිරි නොකළොත් නූපන් දරුවොත් ශාප කරාවි."

     

    "එදා සෘණ ආර්ථිකයක පැවති රට, අතිගරු ජනාධිපතිතුමන්ට හැකි වුණා සංවර්ධිත ආර්ථිකයක් බවට පත් කරන්න. ඔබට මේ සියලු සහන ලබා දෙන රාජ්‍ය නායකයා වෙනුවෙන් කළගුණ සැලකීම ඔබේ යුතුකමක්."

     

    මෙහිදී තමන්කඩුව සහ සේවාගම ගොවිජන කොට්ඨාසවල ගොවීන් 500ක් සඳහා බිත්තර වී බුසලක් සඳහා රු.1400ක් බැගින්උපරිමය අක්කර 5ක් සඳහා අවශ්‍ය බීජ සහනාධාර මුදල් පිරි නැමිණි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත වැඩසටහන සඳහා රු. මිලියන 450ක් යොදවන බවද මෙහිදී අනාවරණය විය.

     

    මෙම අවස්ථාවට පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් සුදන්ත ඒකනායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    MAP/WK_dmu_po

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya