අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වවුනියාවේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් ව සිටින පවුල් වෙත කඩිනම් සහන

    නොවැම්බර් 28, 2014
    අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් ව සිටින පවුල් සඳහා කඩිනම් සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
     
    වවුනියාව දිස්ත්‍රික්කයේ ජල ගැලීම් නිසා පීඩාවට පත් ව සිටින පවුල් සංඛ්‍යාව 807කි. සාමාජිකයින් 2890ක් වන ඔවුන් සුභ සාධන මධ්‍යස්ථාන 04ක රැඳී සිටින බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකකය පවසයි.
     
     
    වවුනියාව සමරන්කුලම්, පුදියවේලර් සින්නකුලම්, විලක්කුවච්චන් කුලම් සහ පූන්තෝට්ටම් යන සුභසාධන මධ්‍යස්ථානවල මෙම ජනතාව රැඳී සිටිති.
     
     
    ඊයේ (27) රාත්‍රියේ සිට මෙම පවුල් සඳහා පිසූ ආහාර මෙන් ම සනීපාරක්ෂක පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබේ. වවුනියාව ප්‍රදේශයට වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ අප රජයේ ප්‍රවෘත්ති නිලධාරී පවසයි.
     
    SDF/UB_dmu_vavunia

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya