අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ශිල්පීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට තොරතුරු ලබාගැනීම 30දා සිට

    නොවැම්බර් 28, 2014
    ඉදිකිරීම් ශිල්පීන් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම යටතේ ඉදිකිරීම් ශිල්පීන්ගේ තොරතුරු රැස්කිරීම 30දා ආරම්භ කෙරේ.
     
    මෙම සමීක්ෂණ කටයුතු දින 10ක් පුරා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා බස්නාහිර පළාතේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්, එම කාර්යමණ්ඩල, ආර්ථික සංවර්ධන නිලධාරීන් , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්, එහි තාක්ෂණ නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවා මහත්ම මහත්මීන් රැසකගේ දායකත්වයෙන් ඉදිකිරීම් ශිල්පීන්ගේ තොරතුරු රැස් කිරීම සිදුකෙරේ.  
     
    දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් දිවයින පුරා සිය සේවාවන් ඉටුකරන ඉදිකිරීම් ශිල්පීන් නිශ්චිත ලෙසින් හඳුනාගනිමින් ඔවුන් ආයතනික මට්ටමින් ලියාපදිංචි කොට එකී ශිල්පීන් වෙත හැඳුනුම්පතක් ලබාදී ඔවුන්ගේ සේවා කාර්යයට අනුකූලව වර්ගීකරණයක් සිදුකොට එම ශිල්පීන් සඳහා නිසි පුහුණවක් ලබාදී, වෘත්තිය සඳහා නිසි සමාජ පිළිගැනීමක් ඇති කර, ඔවුන් අදාළ සේවා කටයුතු සඳහා යොමු කිරීම සිදු කෙරේ.
     
    මෙයට අමතර ව සියලු ශිල්පීන්ට සේවා සුරක්ෂිත භාවය ඇති කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙනු ඇත. මෙකී වැඩසටහනට සම්බන්ධවන සියලු ශිල්පීන්ට සමාජ රක්ෂණයක් සහ විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ක්‍රියාවට නැංවෙනු ඇත. මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ඉදිරි කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කෙරේ. 
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ඉදිකිරීම්, අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ (ICTAD) මෙහෙයවීම මත ජාතික ඉදිකිරීම් සංගමය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක් ඒකාබද්ධ ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya