අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් පැළ ලබාදීමට වැඩසටහන් හතක්

    නොවැම්බර් 22, 2014
    2014 වසරේ දී ප්‍රධාන වැඩසටහන් 07ක් යටතේ පොල් පැළ වගාකරුවන් වෙත ලබාදීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කොට ඇත.
     
    ඒ අනුව දිවි නැගුම, අක්කර 05ට අඩු පොල් වගා වැඩසටහන, කප්රුකයි සිප්නැණයි වැඩසටහන, කප්රුකයි පරපුරයි වැඩසටහන, පුනරුත්ථාපන වැඩසටහන, පූජා භූමි වැඩසටහන, කප්රුක පුරවර වැඩසටහන ආදී ව්‍යාපෘති යටතේ මෙලෙස පොල් පැළ ලබාදීම සිදු කෙරේ.
     
    ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට පොල් පැළ 2,124,796ක් ලබා දී ඇත.
     
    දිවි නැගුම වැඩසටන යටතේ වගාකරුවන් 38,478ක් වෙනුවෙන් පොල් පැළ 76,956ක්, අක්කර 05ට අඩු පොල් වගා වැඩසටහන යටතේ වගාකරුවන් 619,717ක්, කප්රුකයි සිප්නැණයි වැඩසටහන යටතේ පාසල් 2,168ක සිසුන් 111,966ක් සඳහා පොල් පැළ 220,352ක්, කප්රුකයි පරපුරයි වැඩසටහන යටතේ පැළ 36,189ක්, පුනරුත්ථාපන වැඩසටහන යටතේ පොල් පැළ 142,416ක්, ජූජා භූමි වැඩසටහන යටතේ පොල් පැළ 2003ක්, කප්රුක පුරවර පොල් පැළ නිකුත් කිරීම යටතේ පැළ 1,116,232ක් ද ලබාදී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya