අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදීම උතුරු මැද පළාත් ජනතාවගේ අධිෂ්ඨානයයි

    නොවැම්බර් 22, 2014

    ජනාධිපතිවරණයට මොන පොදු  අපේක්‍ෂකයා ආවත් යුද්ධය අවසන් කර රට ගොඩනැගූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදීම කෘතගුණ දත් උතුරු මැද පළාත් ජනතාවගේ අධිෂ්ඨානය බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ මින්නේරිය වැව් ඉස්මත්තේ පැවැති ජගත් ධීවර දිනය සැමරීමේ උත්සවයේ දීය.

    යුද්ධයේ භීෂණයට පුරා තිස් වසරක් මුහුණ දෙමින් ජීවිතයේ කටුක අත්දැකීම් ලැබූ උතුරු මැද පළාතේ ජනතාව මර බියෙන් මුදවා ගන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. යුද්ධය හේතුවෙන් එදා ඊළාම් දේශයේ මායිම් ගම්මාන වූ උතුරු මැද පළාතේ ගොවි ගම්මාන පසුගිය නව වසර තුළ දැවැන්ත සංවර්ධනයකට යොමු කළේ මහින්ද රාජපක්‍ෂ රජය බව පැවසූ ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු මැද කෘතගුණ දත් ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ජනාධිපතිතුමාට ලබා දීමට තීරණය කර ඇතැයි කීය.
     

    මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය ආර්.එම්.පී.බී. රත්නායක මහතාත් පළාත් සභා මන්ත‍්‍රී ජී.ජී. චන්‍ද්‍රසේන මහතාත් පවසා සිටියේ තුන්වෙනි වරටත් ජනපතිවරය ඉල්ලූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට නියත ජයග‍්‍රහණයක් ලබා දීමට රජරට ජනතාව පෙළ ගැසී ඇති බවය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya