අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළගුණ දන්නා රජරට ජනතාව මෙවරත් ජනපති විජයග්‍රහණය කරවනවා

    නොවැම්බර් 21, 2014

    මව්බිම එක්සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නැවතත් මේ රටේ නායකත්වය භාරදීමට කළගුණ දන්නා රජරට ජනතාවගේ ආශිර්වාදය ලබාදෙන බවත්, ජනතා හදවත් තුළ ඇති නියම පොදු අපේක්ෂකයා ජනපතිඳුන් බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සහ දෙවන පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුම නිමිත්තෙන් රාජාංගනය ප්‍රදේශයේ පෙරපාසල්, ධීවර සමිති සහ අවමංගල්‍යාධාර සමිති සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීම නිමිත්තෙන් රාජාංගනය සිරිමාපුර ප්‍රජාශාලාවේ දී පසුගියදා (19) පැවති උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    එලෙස බෙදාදුන් උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 09 ක් වේ.

     

    ඒ අනුව රාජාංගනය මහසෙන්ගම සිඟිති පෙර පාසල සහ රාජාංගනය යාය 15 පුංචි තාරකා පෙර පාසල මෙන්ම යාය 13 නිකසල ප්‍රජා සංවිධානය, ගැමුණුපුර සුචරිත මරණාධාර සමිතිය සඳහා අවශ්‍ය පුටු, පොත් රාක්ක ලබාදෙන ලදි.

     

    එමෙන්ම රාජාංගනය, සිරිමාපුර ධීවර ජනතාව සඳහා අවශ්‍ය දැල් ආම්පන්න බෙදාදීම ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සිදුකෙරිණි.

     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,

     

    “එදා අස්වැන්න විකුණාගැනීමට නොහැකිව අහිංසක ගොවීන් වස බී දිවිනසාගත් යුගය නිමාකර ගොවි ජනතාවට උපරිම සහන ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගමට කළ සේවය නිදහසින් පසු මේ රටේ බලයට පැමිණි කිසිම නායකයෙක් සිදුකර නැහැ.

     

    එතුමන්ට ආශිර්වාදය ලබා නොදී වෙන කිසි ම අයෙකුට ආශිර්වාදය ලබාදෙන්නේ නම් රට ජාතිය පාවාදීමක් ලෙස සැලකිය යුතුයි. අද මේ රට නැවතත් අරාජිත කර ත්‍රස්තවාදයට බිලිදීමට විපක්ෂයේ ඇතැම් පිරිස් උත්සහ දරන බව‍ රටේ බහුතර බුද්ධිමත් ජනතාව දන්නවා. ඒ නිසා පරාජය කළ නොහැකි යැයි කියූ භයානක යුද්ධය නිමකළ ජනාධිපතිතුමන් මේ රටට කළ සේවය සියවස් ගණනාවක් ජනතාවගේ හදවත් තුළ රැඳී තිබෙන බව විශ්වාසයි.” යැයි ද ප්‍රකාශ කළේය.

     

    මේ අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් පැමිණ සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya