මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ‘කොන්හා’ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

    නොවැම්බර් 21, 2014

    වායු දුෂණයෙන් තොර හරිත ශ්‍රි ලංකාවක් සඳහා කරන ලද මෙහෙවර වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ‘කොන්හා’ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    ජාත්‍යන්තර ක්ලින් එයාර් ඒෂියා ආයතනය විසින් මෙම සම්මානය ඒ මහතාට පිරිනමන ලදී.

     

    දෙවසරකට වරක් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානය රටවල් පණහක පමණ දෙස් විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

     

    පරිසර සුරක්‍ෂිතතාව වෙනු‍වෙන් කරන ලද මෙහෙය අගයමින් මෙවැනි ඉහළ සම්මානයක් ශ්‍රී ලාංකිකයෙක් වෙත ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

     

    ජාත්‍යන්තර ක්ලින් එයාර් ඒෂියා ආයතනය නියෝජනය කරමින් සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූ මහාචාර්ය ඩබ්ලිව්.ටී. හන්ග් මහතා,

     

     “බටගොඩ මහතා පිළිබඳව ඉතා සංෂිප්ත හැඳින්වීමක් සිදුකරනවා නම් ඔහු පුරෝගාමියෙක්, නායකයෙක් මෙන් ම කැපවීම් සහිත පුද්ගලයෙක්. විශේෂයෙන් ම වායු දුෂණයෙන් තොර හරිත පරිසරයක් සඳහා බටගොඩ මහතා විසින් දැක්වූ දැඩි කැපවීම ලෝක වාසීන්ට ආදර්ශයක් මෙන් ම මග පෙන්වීමක් වුණා. පරිසර හිතකාමීන්ට ඒකරාශී වීමට බටගොඩ මහතාගේ ගමන් මග ශක්තියක් වුණා. ශ්‍රී ලංකාව  විෂ වායුවෙන් තොර පරිසරයක් බවට පත් කිරීම  සඳහා බටගොඩ මහතා මේ වන විට  අමිල මෙහෙවරක් සිදු කර තිබෙනවා. රටේ  වගකීම් සහිත ඉහළ නිලයක් දරමින් පරිසරය රැක ගැනීමට කාලය මිඩංගු කිරීම තුළින්ම පැහැදිලි වෙනවා ඔහු පරිසරයට මොනතරම් ආදරය කරනවද කියන බව.” යැයි පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වු සම්මානලාභී ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා,

     

    “මේ සම්මානය මට නොව  මගේ රටට ලැබුණු සම්මානයක් වශයෙනුයි මා සලකන්නේ. විශේෂයෙන් රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ රටට පරිසරයට ඇළුම් කරන ආදරය කරන රාජ්‍ය නායකයෙක්. මේ කටයුතු සාර්ථකව කිරීමට එය ශක්තියක් වුණා. මේ අගය කිරීම මගේ කණ්ඩායමටත් ශක්තියක්.” යැයි කියා සිටියේය.

     

    ජාත්‍යන්තර ක්ලින් එයාර් ඒෂියා ආයතනය නියෝජනය කරමින් මේරි ජේන් ඔටේගා, කෝනි හුසියොංගා යන මහත්ම මහත්මීහු ද සම්මාන ප්‍රදානයට එක්වුහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya