මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාඩු ලබමින් පැවති සී-නෝර් ආයතනයට මේ වසරේ මිලියන 25ක ලාභයක්

    නොවැම්බර් 21, 2014

    පසුගිය වසර ගණනාවක සිට ම අඛණ්ඩ ව පාඩු ලබමින් පැවති සී-නෝර් ආයතනය 2014 වසරේදී රුපියල් මිලියන 25ක ලාභයක් ලබලා තිබෙන බවත් ගෙවීගිය කාලය තුළ සී-නෝර් ආයතනය ගොඩගන්න ගත්ත පියවර සාර්ථක වූ නිසා මෙහි ගෞරවය සී-නෝර් පදනමේ සභාපති ඉංජිනේරු සරත් කුමාර ද සිල්වා මහතාටත් එහි සියලු ම සේවක සේවිකාවන්ටත් හිමි වෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවැති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

    පසුගිය වසර ගණනාවක සිට ම පාඩු ලබමින් පැවැති සී-නෝර් ආයතනය 2013 වසරේ සිට ලාභ ලැබීම ආරම්භ කළ අතර 2014 ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා රුපියල් මිලියන 25ක ශුද්ධ ලාභයක් ලබා තිබේ.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2010 දී සී-නෝර් ආයතනය භාරගන්නා විට රුපියල් මිලියන 24ක පාඩුවක් ලබමින් පැවතිණි. එය 2011 දී රුපියල් මිලියන 16 දක්වාත්, 2012 දී රුපියල් මිලියන 7 දක්වාත් ක‍්‍රමයෙන් අඩුකිරීමට හැකිවිය.

     

    අමාත්‍යවරයාගේ නව වැඩපිළිවෙළ යටතේ සී-නෝර් පදනමේ සභාපතිවරයා බෝට්ටු නිෂ්පාදන කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීමත්, දැල් ආම්පන්න, ආරක්ෂිත කබා ඇතුළු ධීවර ආම්පන්න නිෂ්පාදනය හා අලෙවිය විධිමත් කිරීමත් මෙසේ  සී-නෝර් පදනම ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හැකිවිය. වර්තමානයේ සී-නෝර් පදනම යාත‍්‍රා නිෂ්පාදනය රාජ්‍ය ප‍්‍රමුඛයා බවට පත්කිරීමට පියවර ගෙන තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

    ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මෙරට පාඩු ලබමින් පැවැති රාජ්‍ය ආයතන මනා කළමනාකාරිත්වයක් තුළින් ලාභ ලබන මට්ටමට ගෙන ඒමට පියවර ගෙන තියෙනවා. මේ අනුව යාත‍්‍රා නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා වූ සී-නෝර් ආයතනය නැවත වරක් මෙරට යාත‍්‍රා නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස යෝධ පියවරක් ඉදිරියට තබා තිබෙනවා. මේ අනුව පසුගිය වසරේ ගරා වැටී තිබූ සී-නෝර් ආයතනයේ යාත‍්‍රා නිෂ්පාදනාගාරය නවීන උපකරණ සහිත ව නවීකරණය කරනු ලැබුවා. ඒ සඳහා රු. මිලියන 250ක් වැය කරනු ලැබුවා. අද ඒ නවීන යාත‍්‍රාංගණය තුළ බහුදින යාත‍්‍රා ඇතුළු විවිධ යාත‍්‍රාවන් නිෂ්පාදනය කෙරෙනවා. මේ වන විට විදේශ රටවල් සඳහා අපනයනය කිරීමටත් අප යාත‍්‍රා නිෂ්පාදනය කරලා තියෙනවා.

    මේ නිසා ම අපට විශාල ලෙස ලාභ ලබන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. වර්ෂ 2009 දී රු. මිලියන 30ක පාඩුවක් ලැබූ සී-නෝර් අයතනයේ ගෙවීගිය කාලය තුළ පාඩුව අඩු කරගනිමින් මේ වන විට රු. මිලියන 25ක ලාභයක් ලබලා තියෙනවා. එමෙන්ම ගෙවීගිය කාලය තුළ සී-නෝර් ආයතනය රු. මිලියන 30කට වැඩිය තිබූ බැංකු අයිරාව පියවා තියෙනවා. ලංකා බැංකුවේ කෙටිකාලීන ණයවරය ද පියවා තියෙනවා. සී-නෝර් ඉතිහාසයේ ප‍්‍රථම වරට බැංකු තැන්පතුවක් ආරම්භ කිරීමට ද හැකි වී තියෙනවා. මේ තත්ත්වය ඉදිරි කාලය තුළ තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙන තියෙනවා. මෙම ලාභයේ ප‍්‍රතිලාභ අප සේවක සේවිකාවන්ටත් ලබාදෙන්න බලාපොරොත්තු වෙන යැයි ද ඔහු පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සී-නෝර් සභාපති සරත් කුමාර ද සිල්වා, කළමනාකාර අධ්‍යක්‍ෂ උජිත් අනුරාධ මහත්වරු ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya