මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ධීවර දින සමරු උළෙල අද

    නොවැම්බර් 21, 2014

    ලෝක ධීවර දිනය අද (21)ට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සමරු උළෙල අද (21) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරි ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ දී ධීවර ජනතාව වෙනුවෙන් "දියවිරු අභිමාණී" ජංගම දුරකතන එයාටෙල් සිම්පත් 2 බැගින් නොමිලේ ලබා දීම ද සිදුකෙරේ.

    භාරතී එයාටෙල් සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් එයාටෙල් සිම්පත් 2 බැගින් ද සමස්ත ධීවර ප‍්‍රජාවට ම ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික ධීවර මහා සම්මේලනය කටයුතු යොදා තිබේ. මෙය සංකේතවත් කරමින් එදින උත්සවයේදී ධීවර නියෝජිතයින් 400කට එයාටෙල් සිම්පත් ධීවර අමාත්‍යවරයාගේ අතින් බෙදා දෙනු ඇත.

    ජාතික ධීවර මහා සම්මේලනය සංවිධානය කරන මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, එයාටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ගුණවර්ධන, උපදේශක පේ‍්‍රමලාල් කැප්පෙටිගොඩ, ජාතික ධීවර මහා සම්මේලනයේ මහ ලේකම් පේමසිරි පෙරේරා යන මහත්වරුන්  ඇතුළු අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනවල ප‍්‍රධානීහු සහභාගී වෙති.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya