මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යාංශයේ යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ඇරඹේ

    නොවැම්බර් 21, 2014

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ධීවර යාත්‍රා සුපරීක්ෂණය සඳහා වන යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය (VMS)  ආරම්භ කිරීම  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා හා විස්මා කන්සල්ටින් ඩෙන්මාර්ක් (Visma Consulting A/S Denmark) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කාර්ස්ටන් මොලර් (Carsten Moller), ව්‍යාපාර කළමනාකරු මයිකල් කොන්ෆීල්ඩ් (Miekal Confelds) මහත්වරු විසින් ගිවිසුම අත්සන් කරනු ලැබූහ.

    පසුගිය දිනවල විශාල ආන්දෝලනයකට තුඩුදුන් යුරෝපා සංගමයේ යෝජිත ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයන තහංචිවලට ද ප්‍රධාන ම හේතු වී තිබෙන්නේද මෙම යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් ඇති කිරීමේ කාර්යාවලියේ ප්‍රමාද වීම්ය. මෙම යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ශ්‍රී ලාංකීය බහුදින යාත්‍රාවන් 50ක් සඳහා සුපරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ. මේ අනුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා උසස් තාක්ෂණය ධීවරයාට හඳුන්වා දීමටත් මුහුදේ ධීවරයා හට ඇති වන හදිසි ආපදාමය තත්ත්වයන්වල දී ඔවුන් හට උදව් ලබා දී ජීවිත බේරාගැනීම, ධීවර යාත්‍රා සිටින ස්ථානය ක්ෂණයකින් ගොඩබිම සිට නිරීක්ෂණය කිරීමට හැකිවීම, අනවසරයෙන් වෙනත් රටවල මුහුදු තීරයන් හි මසුන් ඇල්ලීමේ නිරතවන ශ්‍රී ලංකා ධීවර යාත්‍රා හඳුනාගෙන දඬුවම් කිරීමට හැකිවීම, කාලගුණ අනාවැකි හා හදිසි ආපදා තත්වයන් දැනුම්දීම, මත්ස්‍ය ගහණ හඳුනාගැනීම ඇතුළු සේවාවන් රැසක් ඉටුකෙරේ.

    මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

    "යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියේ කටයුතු අප ආරම්භ කළේ 2010 වසරේදී යි. නමුත් අප රටේ පවතින විවිධ ප්‍රසම්පාදන කටයුතු හා නීතිරීති කටයුතු නිසා වසර 4කට ආසන්න කාලයක් මෙම යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියේ කටයුතු ප්‍රමාද වුණා. නමුත් අද අපි ඒ කටයුත්ත ජයග්‍රහණය කරලා ආරම්භ කරනවා. මේ නිසා යුරෝපා සංගමයේ ප්‍රධානතම නියමය අපි අද සිට ඉටු කරනවා. මේ අනුව යුරෝපා කොමිසම ජනවාරි 15 සිට ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන තහංචිය ඉවත් කරගන්න පුළුවන් වෙනවා. මම මේ සඳහාම යුරෝපා සංගමයේ ප්‍රධානීන් හමුවී අපේ ප්‍රගතිය වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya