මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් සිල්පදයක් සමාදන් වෙමින් සිටි රටකුයි වෙනස් වුණේ

    නොවැම්බර් 20, 2014
    ජාතික කොඩිය අභිමානවත් අයුරින් දිවයින පුරා ළෙල දෙන්නේ, මහින්ද රාජපක්ෂ නම් අභිමානවත් නායකයා නිසා බවත් එදා අධි ආරක්ෂක කලාපවල හිටපු දේශපාලනඥයන් ඉදිරියේ දී ඡන්දය ඉලක්ක කරගෙන ඇවිත් මොන මොනවා හරි කියාවි. "ප‍්‍රභාකරන් සරණං ගච්ඡාමි" කියලා අලුත් සිල් පදයක් සමාදන් වෙමින් සිටි රටකුයි මේ විදිහට වෙනස් වුණේ යැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19) මාතර දික්වැල්ලේ දී ප‍්‍රකාශ කළේය.
     
    නිල් පාට, කොළ පාට, රතු පාට මෙන් ම කහ පාටට වඩා ජාතික කොඩිය වටිනා බවත් දිවයින පුරා ජාතික කොඩිය අභිමානවත් අයුරින් ලෙළදෙන්නේ මහින්ද රාජපක්ෂ නම් අභිමානවත් නායකයා නිසා බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
     
    දික්වැල්ල කොට්ඨාසයේ සමෘද්ධිලාභීන්ට 2015 අය වැය ලේඛනයට අනුව 2014 නොවැම්බර් මස සිට ලබා දීමට නියමිත ප‍්‍රතිලාභ නිල වශයෙන් ලබා දීමෙන් අනතුරු ව පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙහිදී දික්වැල්ලේ 500 දෙනෙකුට පමණ මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලදී.
     
    "අපි අද දවස ආරම්භ කළේ අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් වු දානමය පිංකමකින්. බෞද්ධයින් ලෙස අපි සෙත් පිරිත් කියලා දන්දීලා එතුමාට දිගාසිරි ප‍්‍රාර්ථනා කළා. ඉස්ලාම් භක්තිකයන් අල්ලා දෙවියන්, නබිනායකතුමන් සිහිකරලා, ක‍්‍රිස්තු භක්තිකයන් ජේසුස් ක‍්‍රිස්තූන් වහන්සේ සිහිකරලා, දමිළ භක්තිකයන් කෝවිලට ගිහිල්ලා එතුමාට ආශිර්වාද කළා".
     
    "මහින්ද මහත්තයාගේ ජන්ම දිනය මේ රට දැන ගත්තේ 2005න් පස්සෙයි. ඊට පෙර එතුමාගේ පවුලේ අය මෙන් ම සමීපතමයන් හැරෙන්නට එතුමාගේ ජන්ම දිනය දැන ගෙන හිටියේ නැහැ. නමුත්, නොවැම්බර් මාසයට යෙදෙන වෙනත් කෙනෙකුගේ උපන් දිනයක් මේ රටේ ලොකු කුඩා කව්රුත් දැනගෙන හිටියා. ඒ උපන්දිනය ළඟා වන විට අපි බය වුණා. වැඩිහිටියන් රස්සාවල්වලට ගියේ නැහැ. පොදු වාහනවල යන එන එක නතර කළා. දෙමාපියන් තම දරුවන් පාසැල් යැව්වේ නැහැ. ඒ උපන් දිනය යෙදෙන්නේ ලබන සතියේ. ඒ දිනය මහා විරු දිනය කියලා නම් කර තිබුණා. ඒ දිනය අයත් වන සතිය මහවිරු සතිය කියලයි හැඳින්වූයේ. අපේ රට විතරක් නොවෙයි ලෝකයම මේ දිනයේ දී මේ මිනිසා කියන්නේ මොකද්ද? කියලා බලාගෙන හිටියා. 2002 දී ත්, 2003 දී ත්, එවකට රටේ අගමැතිවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මේ මහ විරු කතාව මුළු ලෝකයාට ම සජීවි ව විකාශනය කරන්න මෙරට සියලු නාලිකාවලට උපදෙස් දීලා තිබුණා. එදා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූවාහිනිය, ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් මේ කතාව ලෝකයාට ප‍්‍රචාරය කළා".
     
    "එදා නොවැම්බර් 26 වෙනිදා සමරපු මේ උපන් දිනය වෙනුවට අද නොවැම්බර් 18 වෙනිදා අපි වෙනත් උපන් දිනයක් සමරනවා. මේ වෙනස අහම්බයක් නොවෙයි. ඒ වෙනස සඳහා මේ රටට ආදරය කරන ජනතාව දැවැන්ත කැප කිරීම් කළා. එදා අම්මා තාත්තා දෙන්නම එක ම කෝච්චියේ, බස් එකේ ගියේ නැහැ. දරුවන්ට දෙන්නම නැතිවෙයි කියලා තියන බයටයි එහෙම ගියේ. අද යාල්දේවි යාපනයට යනවා. එදා යාපනයේ මුස්ලිම්වරුන් පැය 24ක් තුළ පිටුවහල් කළා. අතේ අරන් යන්න පුළුවන් කිලෝග‍්‍රෑම් 20ක ප‍්‍රමාණයක් පමණයි, අරන් යන්න ඉඩ දුන්නේ. කාන්තන්කුඩිය පල්ලියේදී පවා මුස්ලිම්වරුන් ඝාතනය කළා. එදා ඔවුන්ගේ විලාපය දෙවියන්ට පවා ඇසුණේ නැහැ. මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වුණේ 2005 ජයග‍්‍රහණයෙන්. එදා ඡන්ද ප‍්‍රතිශතය 50‍% ඉක්මවා ගියේ ඡන්ද 29,000 කින්. එහෙම නොවුණා නම් මේ රට අමු සොහොනක් වෙන්න ඉඩ තිබුණා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    දකුණු පළාත් සභා මන්ත‍්‍රී කංචන විජේසේකර, දික්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ක‍්‍රිෂාලි මුතුකුමාරන සහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya