මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දින සැමරුම වෙනුවෙන් අඩු ආදායම්ලාභීන් සඳහා සහන

    නොවැම්බර් 20, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදින සැමරුම් උත්සවය වෙනුවෙන් මාතර අකුරැස්සේ අඩුආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය සංවර්ධන - 2014 වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 353 දෙනෙකු සඳහා ස්වයංරැකියා උපකරණ බෙදා දීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.


    මෙහිදී වඩු කර්මාන්තය, මැහුම් කර්මාන්තය, කොහු හා ඉදල් ආශ්‍රිත නිෂ්පාදන හා රූපලාවන්‍ය ආදී සේවා 24ක් සඳහා රුපියල් ලක්ෂ 50ක වියදමින් උපකරණ බෙදා දුන්නේය.

    දිවි නැඟුම දෙපාර්තමේන්තුව යටතේ දිවි නැඟුම ජීවනෝපාය සංවර්ධන වැටසටහන යටතේ අඩුආදායම්ලාභීන් 238 දෙනෙකු සඳහා ද භාණ්ඩ බෙදා දීමත් "ඉසුරුමත් නිවහනක්" යන තේමාව යටතේ සමෘද්ධිලාභීන් සඳහා මුදල් ආධාර ලබාදීමත් මෙහි දී සිදු විය.

    මෙම අවස්ථාව සඳහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්, එම පළාතේ දේශපාලනික නායකයෝ, රාජ්‍ය නිලධාරීහු සහ ප‍්‍රදේශවාසීහු සහභාගී වූහ.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya