මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014/2015 මහ කන්නය සඳහා බිත්තර වී සහනාධාර

    නොවැම්බර් 20, 2014

    2014/2015 මහ කන්නය සඳහා බිත්තර වී බෙදා දීම සඳහා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඟිනිමිටිය බල ප්‍රදේශයේ  පැවති ගොවි හමුවක් ආණමඩුව ආසන සංවිධායක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    මෙහිදී ප්‍රථම අදියර ලෙස එක් වගා අක්කරයකට රු. 2800/= බැගින් මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබූ අතර ගොවීන් 400 පමණ ප්‍රමාණයකට ලක්ෂ 30කට ආසන්න මුදලක් බෙදා දෙන ලදී.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

     

    “ගිනි ගෙන තිබූ මේ මහ පොළොව දරුණු ත්‍රස්තවාදි කොටින්ගෙන් බේරා ගත් ජනාධිපතිතුමා අද ප්‍රයත්න දරමින් සිටින්නේ නිල්ල පිරුණ මහ පොළොවක් ඉදිරි පරපුරට නිර්මාණය කර දීමටයි. ඒ සඳහා මේ වන විට පියවර රැසක් නිර්මාණය කර තිබෙනවා. ඒ අතර ගොවි බිම් සදහා ඉඩම් හිමිකම ලබා දීම, පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දීම ප්‍රධාන වෙනවා. එයින් නොනැවතුණු ජනාධිපතිතුමා අද ඔබට  2014/15 මහ කන්නවලට අවශ්‍ය බිත්තර වී නොමිලයේ ලබා දීමක් සිදු කරනවා.

     

    වල් අලි තර්ජනයට මුහුණ දෙමින්, මැසි මදුරුවන්ගෙන් පීඩා විඳිමින් තම ජීවිත සටන හුදෙකලාව ගත කරපු අහිංසක ගොවි ජනතාවගේ උරුමයන් ආරක්ෂා කර දෙන්නට ඔවුන් සවිබල කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කළ කාර්යභාරය ඉතිහාසගත වන්නක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා නගරය සංවර්ධනය කිරීමට වඩා ගම ශක්තිමත් කරන්නට කටයුතු කර ඇති ආකාරය නොපෙනෙන්නේ ගුණමකු මිනිසුන්ට පමණයි.

     

    එදා මේ ගොවි බිම් වල දෙමව්පියන්ගේ දරුවන් ජීවිත පරිත්‍යාග කර නිදහස් කර දුන් මාතෘ භූමිය සශ්‍රීක කොට, නිල්ල පිරුණු දේශයක් බවට පත් කරන්නට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ගමට ලැබෙමින් තියෙන්නේ මේ රටට ආදරය කරන නායකයෙක් සිටින නිසා. අද අපේ දුෂ්කර ගම්වල මාර්ග, කාපට් වීම තුළ යහපත් ගමනාගමනයක් නිර්මාණය වීමෙන් නිෂ්පාදන නගරයට රැගෙන යන්න පුළුවන් වගේම නගරයේ වෙළෙඳුන්ට ගමට පහසුවෙන් එන්න හැකියාව ලැබෙනවා. දිගු නිදහස රැකගනිමින් ශක්තිමත් දේශයක් නිර්මාණය කර ගන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එක් වන ලෙසට මා ආරාධනා කරන්නේ අප සඳහා නොවෙයි අපේ දරු මුනුපුරන් සඳහායි.

     

    අද මහා හඬින් කතා කරන සමහර නායකයින්ගෙන් රට නිදහස් කර ගැනීමට උදව් ඉල්ලන කොට ගොළුවෝ කසාය බීලා වාගේ නිහඬව සිටිය හැටි අපට මතකයට නැගෙන බවත් දැන් රට නිදහස් වෙලා ඉදිරි ගමනක යෙදෙන කොට ඒකටත් වෛර කරනවා“ යැයි ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් මෙන්ම  පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. පොඩිනේරිස් මහතා, පුත්තලම් දිස්ත්‍රික් ගොවි ජන සේවා සහකාර කොමසාරිස් ගයා මැණිකේ මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.  

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya