මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන කාර්යයන් පිළිබඳ ජනතාව සම්බන්ධීකරණය සඳහා දීපව්‍යාප්ත ජංගම සේවයක්

    නොවැම්බර් 20, 2014

    රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන කාර්යයන් වඩාත් විධිමත් අන්දමින් මහජනතාව හා සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් දීපව්‍යාප්ත ජංගම සේවයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු සම්පාදනය කොට ඇත.

     

    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ සංකල්පයක් මත අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් මට්ටමින් මෙම මහජන ජංගම සේවාව පැවැත්වේ.

     

    ඒ පිළිබඳව මූලික සාකච්ඡාව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

     

    ප්‍රථම අදියර යටතේ මඩකළපුව, අම්පාර, මොනරාගල, බදුල්ල, අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ ඉඩම්, සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික සංවර්ධන, ආපදා කළමනාකරණ, වතු යටිතල පහසුකම්, වැවිලි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ධීවර, ක්‍රීඩා, කෘෂිකර්ම, නිවාස, පුද්ගල ලියාපදිංචි කිරීම්, ආගමන විගමන සහ මහවැලි ඉඩම් ප්‍රතිසංස්කරණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන ලෙස පැවැත්වීමට කටයුතු කර තිබේ.

     

    ජනතාවගේ ගැටලු එක් එක් ප්‍රදේශයට විවිධාකාර වන බැවින් සෑම පුද්ගල ජන කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි කාර්යක්ෂම  හා ඵලදායී මහජන සේවාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා එහිදී අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

     

    සංවර්ධන විෂය ක්ෂේත්‍රයන් හි අමාත්‍යාංශ ලේකම්වරුන් අදාළ දිස්ත්‍රික්කයන් හි දිසාපතිවරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා අනෙකුත් අදාළ නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya