මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්‍ෂය කවුරු ඉදිරිපත් කළත් රජරට ජනතාවගේ ශක්තිය ඉතිහාසයේ කිසිදා නොවු විරූ ආකාරයෙන් ජනාධිපතිතුමාට ලබාදෙනවා

    නොවැම්බර් 20, 2014

    විපක්‍ෂය කුමන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළත් මෙදා ජනාධිපතිවරණයෙන් රජරට ජනතාවගේ ශක්තිය ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආකාරයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හිමි කර දෙන බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සඳහන් කළේය.


    ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු අද  (20) අනුරාධපුර නව නගරයේ රතිඤ්ඤා දල්වමින් ප‍්‍රීති ඝෝසා පැවැත්වූ අවස්ථාවට එක්වෙමින් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.


    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා - ජයග‍්‍රහණය ඉර හඳටත් වඩා ස්ථීරයි. පරාජයේ විලි වසා ගැනීමට තාවකාලික සතුටට පත්වෙන සමහරුන්ගේ කට කථා ඇතුළු විවිධ කුමන්ත‍්‍රණ පරාජය කර මේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට රජරට සියලු ජනතාව පෙළ ගස්සවනවා. අද අපේක්‍ෂකයෙක් නැති විපක්‍ෂයට පොදු අපේක්‍ෂක භූතයා ඉදිරියේ ඉදිරිපත් කරන්න වෙයි. කුමන පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළත් රජරට ශක්තිය අපි පෙන්වන අතර මුළු රටේ ම ජනතාව එතුමාගේ ජයග‍්‍රහණය තහවුරු කරන බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.
     

    මේ අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.බී. සේමසිංහ, වීරසේන ගමගේ, සරත් ඉලංගසිංහ, උපාලී විජේකෝන් සහ පී.බී. කුමාර යන මහත්වරු ඇතුළු විශාල ජනතාවක් එක්වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya