මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින්නේරිය ආසනයේ ඉතා දැවැන්ත සංවර්ධනයක් සිදු ව තිබෙනවා

    නොවැම්බර් 20, 2014

    මින්නේරිය ආසනයේ ඉතා දැවැන්ත සංවර්ධනයක් සිදු ව ඇති බවත් ඒ අනුව  හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 444ක මුදලක් වෙන් කොට ඇති බවත් සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පැවසීය.    

                        
    නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (19)දා ආර්ථික සංවර්ධන අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක දිවි නැඟුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මඟින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රතිලාභීන් සඳහා උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
               

    මේ සඳහා වැය කර ඇති මුදල් රුපියල් මිලියන 13කි. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් 600ක් සඳහා මේ උපකරණ ප්‍රදානය කෙරිණි.

    මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය                                                                                              
    අපේ අමාත්‍යාංශයේ එදා තිබුණේ රුපියල් මිලියන 450ක් පමණයි. අද වෙනකොට රුපියල් මිලියන 7080ක මුදලක් ජනාධිපතිතුමා අපිට ලබන අවුරුද්දට දීලා තියනවා. ඒ වගේ විශාල සංවර්ධනයක් මේ රට පුරා සිදු කරනවා. දැන් මින්නේරිය ආසනයේ 90%ක් විදුලිය දීලා තියෙනවා. බකමූණ ගිරිතලේ මාර්ගය කාපට් කරනවා. අපි මේවා තොරණ බැඳගෙන, බෙර ගහලා, මල් මාලා දාගෙන කියන්න යන්නේ නැහැ. ඒ වගේ ම රුපියල් ලක්ෂ 444ක මුදලක් වියදම් කර පානීය ජල යෝජනා ව්‍යපෘති රැසක් ලබන අවුරුද්දේ ජනතාවට භාර කරනවා කියන එක මතක් කළ යුතුයි."                                                                         

     
    දිවි නැඟුම ඉසුරුමත් නිවහනක් යන වැඩසටහන යටතේ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4,400 දෙනෙකු සඳහා නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් 2,500 බැගින් මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.                                                     
               
    මෙම අවස්ථාවට උතුර මැද පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති  අතුකෝරල, පොලොන්නරුව දිස්ත්‍රික් දිවි නැඟුම අධ්‍යක්ෂ රුවන් රාජශිල්ප යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya