මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ඉඩම් උගස් තැබූ ගොවීන් ණයවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් පොලොන්නරුවේ

    නොවැම්බර් 20, 2014

    තම කුඹුරු ඉඩම් උගසට තබා මුදල් ලබාගෙන පසුව ඒවා නිදහස් කර ගැනීමට නොහැකි ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් එම ණයවලින් මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වන විට දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිති විසින් ආරම්භ කොට ඇතැයි පොලොන්නරුව සහකාර සමූපකාර උප කොමසාරිස් චමින්ද ධර්මතිලක මහතා පැවසීය.


    විශේෂයෙන් ම පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත තම කුඹුරු ඉඩම් උගස් කොට මුදල් ලබා ගෙන එම මුදලට සරිලන පොලිය පමණක් ගෙවමින් ණය මුදල එකවර ගෙවීමට නොහැකි ගොවීන් හඳුනාගෙන ඔවුන් හට සිය කුඹුරු නිදහස් කර දීම මේ යටතේ සිදු කෙරේ.

    ඉඩම් හිමියාට සහනදායී ණයක් ලෙස මුදල් ලබා දී මෙසේ නිදහස් කර ගන්නා කුඹුරු ඉඩම සමූපකාර සමිතිය භාරයේ ඇපයක් ලෙස තබා ගෙන ඉඩම් හිමි ගොවියාට ම වගා කටයුතු කර ගෙන යාමට අවස්ථාව ලබා දෙනු ඇත. ණය මුදල තමන්ට පහසු වාරික වශයෙන් ගෙවා අවසන් කිරීමට වසර 04ක කාලය සීමාවක් ලබා දෙනු ඇත.

    දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති කුඹුරු ඉඩම්වලින් 40%ක් පමණ පුද්ගලික උගස්කරුවන් වෙත ඇපයට තබා මුදල් ලබා ගෙන ඇති බව සමූපකාර උප කොමසාරිස්වරයා පැවසීය.

    උගස් කොට ඇති කුඹුරු ඉඩම් බේරුම් කර දීමේ වැඩඩපිළිවෙළ මේ වන විට පලුගම්දමන සහ කවුඩුල්ල යන විවිධ සේවා සමූපකාර සමිති බල ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේ මේ අදහස් පළ විය. පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, පොලොන්නරුව කලාප වාර්මාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වී. පමුණුව යන මහත්වරු එක්ව සිටියහ.


    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya