මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලිම්බඩ නගරයේ නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල් තබයි

    නොවැම්බර් 20, 2014

    මාතර, අකුරැස්ස, මාලිම්බඩ නගරයෙහි අඩුපාඩුවක්ව තිබූ  වෙළඳ සංකීර්ණ සඳහා වැඩ ආරම්භ කිරීම ඊයේ (19) පෙරවරුවේ මාලිම්බඩ නගරයෙහි දී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය යටතේ නගර සංවර්ධන සැලැස්මට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම පදිරි 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙය ඉදිකිරීමට යෝජිත ය.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 700ක මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති අතර මෙය වෙළෙඳ කුටි 40කින් සමන්විත වේ.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභාවේ සභානායක මනෝජ් සිරිසේන,  මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන් යන මහත්වරු ඇතුළු මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සියලු ම මන්ත්‍රීවරු සහභාගී වූහ.


    NDH

    DSC 7928

     

    DSC 7956

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya