මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර රෝහලේ ඇති වු හදිසි ගින්න මැඬපැවැත්වීමට ගුවන් හමුදාව එක් වේ

    නොවැම්බර් 20, 2014
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති වූ හදිසි ගින්නක් මැඬ පැවැත්වීම සඳහා අද (20) උදැසන අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ කණ්ඩායම සමත් විය.
      
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විදුලි කාන්දුවක් නිසා ඇති වු හදිසි ගින්න පිළිබඳ ගුවන් හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරු ව එයට ඉතා ඉක්මන් ප‍්‍රතිචාර දක්වමින් අනුරාධපුර ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය නිලධාරිවරයකු ඇතුළු භට පිරිසක් එම ස්ථානය වෙත පිටත් කර හරින ලදී.
     
    සුළු වේලාවක් ඇතුළත එම ස්ථානයට ළඟාවීමට ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයට හැකි වු අතර මෙය  විදුලි කාන්දුවක් නිසා ඇති වු ගින්නක් බැවින් ගින්න මැළ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයන් හට මහත් පරිශ‍්‍රමයක් දැරීමට ද සිදුවිය.
     
    සියලු අභියෝග හමුවේ ඉතා ඉක්මනින් ගින්න නිවා දැමීමට ගුවන් හමුදා ගිනි නිවීමේ 
    ඒකකයේ භටයන්  සමත් ව තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya