මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්කෑන් යන්ත‍්‍රයක් ගිනි ගනී

    නොවැම්බර් 20, 2014

    අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ සවිකර තිබූ නව එම්.ආර්.අයි. ස්කෑන් යන්ත‍්‍රය අද (20) අලුයම ගිනි ගත් අතර ගින්න පැතිරීම වැළැක්වීමටත් ගින්න නිවීමටත් අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකය පියවර ගත්තේය.

    මෙම සිද්ධිය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා රෝහල් පරිශ්‍රයට පැමිණ ඇත.

     

    සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමා  දැනුවත් කළ බවත් ඒ අනුව ගින්න පිළිබඳ ජනාධිපතිතුමා විසින් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවත් මහාචාර්ය ඒකකය ඉදි කිරීමෙන් පසු නීත්‍යනුකූලව පවරා දී නැති බැවින් ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමට අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

     

    ගින්නෙන් හානියට පත් ස්කෑන් යන්ත‍්‍රය ඉතා කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කර රෝගීන්ගේ අවශ්‍යතා සපුරා දීමට පියවර ගැනීම පිළිබඳව හා ගින්නෙන් රෝහල් පරිශ්‍රය හා රෝගීන්, වෛද්‍යවරු, සේවකයන්ට අනතුරක් වීමට ඉඩ නොතබා ගින්න මැඬ පැවැත්වීමට කඩිනම් පියවර ගත් අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකයට,  ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරීන්ට, පොලිසියට හා රෝහල් සේවක සේවකයින්ට ද අමාත්‍යවරයා  සිය ප‍්‍රණාමය පුද කළේය.

     

    SDF

     

    fire 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya