මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ආරක්ෂක අංශයෙන් පාසැල් ළමුන් 5000කට අභ්‍යාස පොත්

    නොවැම්බර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති ආරක්ෂක අංශය මඟින් වාර්ෂික ව සිදු කරනු ලබන දිවයින පුරා දුෂ්කර පාසැල්වල ළමුන් සඳහා පාසැල්  අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහන මෙවර ද ක්‍රියාත්මක කෙරුණි. 
     
    ඒ අනුව මෙම වසරේ දී එම සත්කාරයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමෙන් අවතැන් වූ දූ දරුවන් වෙත අභ්‍යාස පොත් ප්‍රදානය පසුගිය දින පූනාගල දෙමළ මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.
     
    2007 වසරේ සිට අඛණ්ඩ ව මෙම වැඩසටහන සිදුකරනු ලබන අතර මේ වසරේදීත් දිවයින පුරා ළමුන් 5000ක් සඳහා මෙසේ අභ්‍යාස පොත් බෙදාදීමට නියමිතය. මෙදින කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ දුෂ්කර පාසැල් ළමුන් 285 දෙනෙකු සඳහා මෙම පොත් කට්ටල බෙදාදෙනු ලැබීය.
     
    ජනාධිපති ආරක්ෂක සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් සී.පී. ලියනගේ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ආරක්ෂක සේනාංකයේ සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එච්.ඩී.පී. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පොත් බෙදාදීම සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට දියතලාව යුධ හමුදා කඳවුරේ සේනාධිපති බ්‍රිගේඩියර් සෙනවිරත්න මහතා ඇතුළු ආරක්ෂක නිලධාරී පිරිසක් සහභාගී වූහ.
     
    DB/SH - dmu badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya