මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ-රෝස්වත්ත ජන සෙවණ විරු ගම්මානය 22දා ජනතා අයිතියට

    නොවැම්බර් 19, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මාතලේ පලාපත්වල ඉදිකරන ලද රෝස්වත්ත ජන සෙවණ විරු ගම්මානය පොදුජන අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 22 වන දින පෙ.ව. 10.30ට  සිදු කිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමනාකාර එන්.එම්.ජී. නවරත්න මහත්මිය පැවසීය.


    ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහනට අදාළ ව විරු ගම්මාන ජාතික නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස ද්‍රවිඩ කම්කරු ජනතාව ඉලක්ක කර ගනිමින් ඉදිකොට තිබේ.

    මෙම රෝස්වත්ත විරු ගම්මානයේ ගෙවල් 31ක් ඉදිකොට තිබෙන අතර මෙම නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 7.2ක් වැය වූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමනාකාරවරිය පැවසුවාය. මෙම නිවාස සඳහා ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම් හා සනීපාරක්ෂක කටයුතු ද සපයා ඇති බව නවරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය.

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya