මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩයගම ගින්නෙන් විනාශ වු පවුල් සඳහා නව නිවාස

    නොවැම්බර් 19, 2014

    හැටන්, ඩයගම නැගෙනහිර වතු නිවාස පෙළෙක පසුගිය දිනක ඇති වු ගින්නකින් නිවාස පෙළේ ජීවත් වු ජනතාවගේ බඩු භාණ්ඩ ඇතුළු නිවාස 20ක් පමණ මුළුමනින්ම විනාශ විය.

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් ගින්නෙන් විනාශ වුණු නිවාස නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

     

    තාවකාලිකව රැඳී සිටීම සඳහා ඉදි කර ඇති තාවකාලික නිවාස නිරීක්ෂණය කර අමාත්‍යවරයා නව ස්ථීර නිවාස සාදන තුරු තාවකාලික නිවාස තුළ ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ආදිය සැපයීමට පියවර ගත් අතර, තාවකාලික නිවාස තුළ පොළොව සඳහා කිසිදු ඇතිරිල්ලක්වත් නැති බව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා විසින් එම අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා දීමට කටයුතු කරන ලදී.

     

    නව නිවාස ලබා දෙන තුරු ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා වතු අධිකාරිවරයා හරහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදු කිරීමට ද උපදෙස් ද ලබා දුන්නේය.

     

    විනාශ වුණ වතු නිවාස පෙළෙ හි ජීවත් වූ වතු කම්කරු පවුල්  සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට අදාළ බලධාරින් හට ද උපදෙස් දුන්නේය.

     

    විපතට පත් වු නිවාස හිමියන් සදහා සුදුසු නව නිවාස ඉදි කරදීමට ඩයගම නැගෙනහිර ප්‍රදේශයේ ම සුදුසු ස්ථානයක් සොයා බැලීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ (NDRSC) බලධාරින් හට උපදෙස් දුන් අමාත්‍යවරයා ඒ අනුව යෝජිත වු  ස්ථානයේ මෙතෙක් කල් ඔවුන් ජීවත් වු ලයින් කාමර නිවාස වෙනුවට වෙන් වෙන් වු තනි නිවාස හැකි ඉක්මනින් ඉදි කර දීමට අවශ්‍ය  කටයුතු සම්පාදනය කරන ලෙස  උපදෙස් දුන්නේය.

     

    ගින්නෙන් විනාශ වුණ පවුල්වල සිටින ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් සදහා සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම  හරහා ඔවුන්ගේ ඉගෙනුමට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍ය ලබා දීමට කටයුතු සලසන ලදී.

     

    අමාත්‍යවරයා සමග මෙම අවස්ථාව සඳහා එකතු වුන පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති මිල්කෝ පුද්ගලික සමගමේ උසස් නිලධාරිහූ පිරිසක් මිල්කෝ සමාගම මඟින්  ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර පාන ඇතුළු  අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ද මෙහ දී බෙදා දෙන ලදි.

     

    මෙම අවස්ථාව සඳහා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලංගම්, ලංකා කම්කරු කොංග්‍රස් පරිපාලන නිලධාරි කේ.ජීවානන්ද, මිල්කෝ පුද්ගලික සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක නවුෂාඩ් ජුනයිඩ් යන මහත්වරු ඇතුළු උසස් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

     

    SDF

    dayagama2dayagama1dayagama3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya