මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දික්ඔය වනරාජා ප්‍රදේශයට පරිගණක මධ්‍යස්ථානයක්

    නොවැම්බර් 18, 2014
    හැටන්, දික්ඔය, වනරාජා  ප්‍රදේශයට බොහෝ කලක සිට පරිගණක මධ්‍යස්ථානයක අඩුපාඩුවක් පැවතුණු අතර, පරිගණක අධ්‍යාපනය ලබා ගැනීම සිහිනයක්ව පැවතුණු එම ප්‍රදේශයේ ජීවත් වන පාසල් සිසුන් හා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් හා පරිගණක අධ්‍යාපන ඉගෙනුම සඳහා කැමැත්තක් දක්වන සියලු ම අයගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම මගින් නව පරිගණක මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදි. 
     
    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ සංකල්පය හා උපදෙස් මත මෙය ඉදි කොට ඇත.
     
    පසුගිය දා සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම යටතේ ඇති ප්‍රජා ශක්ති නව ශක්ති ව්‍යාප්ති උපදේශිකාව වන රූපා මගාන්දි මහත්මියගේ සුරතින් මෙය විවෘත විය.
     
    මෙම අවස්ථාව සඳහා අමත්‍ය ආරුමුගන් තොන්ඩමාන්,  ලංකා කම්කරු කොංග්‍රස් සභාපති ආර්ථික සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහත්වරු ඇතුළු උසස් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya