මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ක්ෂේත‍්‍ර නිලධාරීන් 3000කට යතුරුපැදි

    නොවැම්බර් 18, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාර ව 2014 අය-වැය යෝජනා කි‍්‍රයාත්මක කරමින් රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත‍්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3000ක් සඳහා යතුපැදි ලබා දීම අද (18) මාතර කොටුව ක‍්‍රීඩාංගණයේ දී හා සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ දී සිදු කෙරේ. 
     
    කාන්තා යතුරුපැදි 2000ක් සහ පිරිමි යතුරු පැදි 1000ක් ඒ අතර වේ.
     
    මාතර, දික්වැල්ල හා කඹුරුපිටිය යන මැතිවරණ කොට්ඨාසවල මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය හා කිරින්ද - පුහුල්වැල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් මෙම යතුරු පැදි ලබා දෙයි.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු 7000ට ආසන්න නිලධාරීන් පිරිසකට යතුරුපැදි ලබාදීමට නියමිත අතර මෙතෙක් යතුරුපැදි ලබා නොගත් ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා කඩිනමින් ඒ ඒ ආසන මට්ටමින් යතුරුපැදි ලබාදීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya