මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය සමඟ අවබෝධතා ගිවිසුම් ගහලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න පුළුවන් කියා හිතනවා නම් ඊට වඩා මිථ්‍යාවක් තවත් නෑ

    නොවැම්බර් 18, 2014
    කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න යුද්ධ කරන කොට එය නවත්වන්න වල කපපු එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුම් ගහලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා කවුරුන් හෝ හිතනවා නම් ඊට වඩා මිථ්‍යාවක්, විහිළුවක් තවත් නොමැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 
     
    එදා යුද්ධය අවසන් කොට රටට සාමය ලැබී පැය ගණනක් යන්න කලින් සේනාධිනායකයා සමඟ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු හමුදාපතිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න කටයුතු කර, එකට සටන කළ අය බෙදලා රට අනිත් පැත්ත හරවන්න  පුළුවන්ද?  කියලා බලන්න පසුගිය ජනාධිපතිවරණයේ දී ත් ක්‍රියා කළා. එදා සේනාධිනායකයාට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වුණාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණු හිටපු හමුදාපති දෙමළ ජාතික සන්ධානයට හොඳ වුණු බවත් දැන් මේ කාලෙත් හැදෙන එවැනි අපබ්‍රංස එකඟතාවන්වල මතුපිටින් කිසිවක් නොපෙණුනාට එහි ගැඹුරට ගිහින් බැලුවා ම ඒවා පිටුපස සිටින්නේ කවුද කියා පෙනෙන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වසර 35කට පසු රුපියල් ලක්ෂ 465ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 10, මරදාන, සාමපුර මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (17) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    "උතුරට අධිවේගී මාර්ග හැදිලා, උතුර දකුණ එකට යාවෙන විට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට මුහුවෙලා, එකිනෙකාට වඩා සමීප වන විට, ජීවන සංස්කෘතිය ඇතුලේ පොදුකම, සාමූහිකකම, එකමුතුකම හැදෙන විට මේ රට ආයේ ගිනි තියන්න බැහැ. ඒ බව මේ අය දන්නවා. ඒ නිසා තමයි ඉක්මනට මේ තත්ත්වය වෙනස් කරන්න ඕන කියලා හිතන්නේ. ඒකට තමයි තානාපති කාර්යාල තුන හතරකට ඒ වැඩේ උවමනාවට වඩා උනන්දුවෙන් කරන්න ඕන වෙලා තියෙන්නේ. රටේ ජනතාව බුද්ධිමත් නිසා කවදාවත් ඒ උගුල්වලට හසුවන්නේ නැහැ".
     
    "කොළඹ නගරයේ ජනගහන ඝනත්වය වැඩි නිසා ජනාවාස ජරාවාස බවට පත්වී තිබුණා. යුද්ධය ජයග්‍රහණය කරලා ගෙවුණු අවුරුදු 5 තුළ සිදු වී තිබෙන සංවර්ධනය එකෙන් එක කිවයුතු නැහැ. එය තමුන්නාන්සේලාට පැහැදිලිව පේනවා. එදා අවිධිමත් ව තිබූ කොළඹ  විධිමත් නගරයක් බවට අද පත්වෙලා තියෙනවා". 
     
    "එක් කාලෙක කොළඹ නගරයේ පාතාල කල්ලිවලට වෙන ම ම ආණ්ඩු තිබුණා. එදා එහෙම තත්ත්වයක් තිබුණා, අද ඒ තත්ත්වය නැහැ. වේලුපිල්ලේ පිරබාහරන්ගේ කුරුම්බැට්ටි මැෂිමෙන් බෝම්බ වැටෙයි කියලා රෑට උඩබලාගෙන ඉන්න ඕනෙත් නැහැ. ගෙවුණු අවුරුදු 5 තුළ කටුනායක සිට කොළඹට අධිවේගී මාර්ග හැදුණා. කොළඹ පිරිසිදු නගරයක් වෙලා තියෙනවා. පැල්පත්වල සිටින අහිංසක පවුල් 65,000ක් වෙනුවෙන් දැවැන්ත මහල් නිවාස ඉදිවෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස්  පරිදි  ක්‍රියාත්මක "ජන සෙවණ - නගමු පුරවර" පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර තිබේ.
     
    1977 වසරේ දී ආරම්භ කර ඇති සාමපුර මහල් නිවාස සංකීර්ණය, ගොඩනැගිලි 9කින් සහ නිවාස 136 කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 46.5කි.
     
    ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, බිත්ති මත පැල වී ඇති වල් පැළෑටි ගලවා ඉවත් කිරීම, මහල් නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම හා බිත්ති වර්ණාලේප කිරීම, මළ නාලිකා පද්ධති හා මනු වලවල් ප්‍රතිසංස්කරණය, අප ජලය බැස යන කුඩා මනුවලවල් ප්‍රතිසංස්කරණය කිරීම, ජල බස්නා කාණු  පද්ධති පිළිසකර කිරීම, ඝන අපද්‍රව්‍ය සඳහා වූ කසල කවුළු අලුත්වැඩියා කිරීම, පොදු ජල ටැංකි අලුත්වැඩියාව, නිවාස සංකීර්ණයේ A ගොඩනැගිල්ලේ වහලයේ ඇති උළු වෙනුවට ඇස්බැස්ටෝස් ෂීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙම නිවාස සංකීර්ණයේ සිදුකර ඇත.
     
     
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී යූ. පී. උපවංශ යන මහත්වරු, නිලධාරීහු සහ නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    2014-11-18 15:55 GMT+05:30 DILHARI BANDARA <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.;:
     
    කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න යුද්ධ කරනකොට එය නවත්වන්න වළකපපු එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුම් ගහලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා කවුරුන් හෝ හිතනවා නම් ඊට වඩා මිත්‍යාවක්, විහිළුවක් තවත් නොමැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 
     
    එදා යුද්ධය අවසන් කොට රටට සාමය ලැබී පැය ගණනක් යන්න කලින් සේනාධිනායකයා සමඟ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු හමුදාපතිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න කටයුතු කර, එකට සටන කළ අය බෙදලා රට අනිත් පැත්ත හරවන්න  පුළුවන්ද?  කියලා බලන්න පසුගිය ජනාධිපතිවරණයේ දී ත් ක්‍රියා කළා. එදා සේනාධිනායකයාට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වුණාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණු හිටපු හමුදාපති  දෙමළ ජාතික සන්ධානයට හොඳ වුණු බවත් දැන් මේ කාලෙත් හැදෙන එවැනි අපබ්‍රන්ස එකඟතාවයන්වල මතුපිටින් කිසිවක් නොපෙණුනාට එහි ගැඹුරට ගිහින් බැලුවාම ඒවා පිටුපස සිටින්නේ කවුද කියා පෙනෙන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වසර 35 කට පසු රුපියල් ලක්ෂ 465 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 10, මරදාන, සාමපුර මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (17) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
     
    "උතුරට අධිවේගී මාර්ග හැදිලා, උතුර දකුණ එකට යාවෙන විට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට මුහුවෙලා, එකිනෙකාට වඩා සමීප වන විට, ජීවන සංස්කෘතිය ඇතුලේ පොදුකම, සාමූහිකකම, එකමුතුකම හැදෙන විට මේ රට ආයේ ගිනි තියන්න බැහැ. ඒ බව මේ අය දන්නවා. ඒ නිසා තමයි ඉක්මනට මේ තත්ත්වය වෙනස් කරන්න  ඕන කියලා හිතන්නේ.  ඒකට තමයි තානාපති කාර්යාල තුන හතරකට ඒ වැඩේ උවමනාවට වඩා උනන්දුවෙන් කරන්න ඕනවෙලා තියෙන්නේ. රටේ ජනතාව බුද්ධිමත් නිසා කවදාවත් ඒ උගුල්වලට හසුවන්නේ නැහැ".
     
    "කොළඹ නගරයේ ජන ගහන ඝනත්වය වැඩි නිසා ජනාවාස ජරාවාස බවට පත්වී තිබුණා. යුද්ධය ජයග්‍රහණය කරලා ගෙවුණු අවුරුදු 5 තුළ සිදු වී තිබෙන සංවර්ධනය එකෙන් එක කිවයුතු නැහැ. එය තමුන්නාන්සේලාට පැහැදිලිව පේනවා. එදා අවිධිමත් ව තිබූ කොළඹ  විධිමත් නගරයක් බවට අද පත්වෙලා තියෙනවා". 
     
    "එක් කාලෙක කොළඹ නගරයේ පාතාල කල්ලිවලට වෙනමම ආණ්ඩු තිබුණා. එදා එහෙම තත්ත්වයක් තිබුණා, අද ඒ තත්ත්වය නැහැ. වේලුපිල්ලේ පිරිබාහරන්ගේ කුරුම්බැට්ටි මැෂිමෙන් බෝම්බ වැටෙයි කියලා රෑට උඩබලාගෙන ඉන්න ඕනෙත් නැහැ. ගෙවුණු අවුරුදු 5 තුළ කටුනායක සිට කොළඹට අධිවේගී මාර්ග හැදුනා. කොළඹ පිරිසිදු නගරයක් වෙලා තියෙනවා. පැල්පත්වල සිටින අහිංසක පවුල් 65,000ක් වෙනුවෙන් දැවැන්ත මහල් නිවාස ඉදිවෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස්  පරිදි  ක්‍රියාත්මක "ජන සෙවණ - නගමු පුරවර" පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර තිබේ.
     
    1977 වසරේ දී ආරම්භ කර ඇති සාමපුර මහල් නිවාස සංකීර්ණය, ගොඩනැගිලි 9කින් සහ නිවාස 136 කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 46.5 කි.
     
    ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, බිත්ති මත පැල වී ඇති වල් පැළෑටි ගලවා ඉවත් කිරීම, මහල් නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම හා බිත්ති වර්ණාලේප කිරීම, මළ නාලිකා පද්ධති හා මනු වලවල් ප්‍රතිසංස්කරණය, අප ජලය බැස යන කුඩා මනුවලවල් ප්‍රතිසංස්කරණය කිරීම, ජල බස්නා කාණු  පද්ධති පිළිසකර කිරීම, ඝන අපද්‍රව්‍ය සඳහා වූ කසල කවුළු අළුත්වැඩියා කිරීම, පොදු ජල ටැංකි අළුත්වැඩියාව, නිවාස සංකීර්ණයේ A ගොඩනැගිල්ලේ වහලයේ ඇති උළු වෙනුවට ඇස්බැස්ටෝස් ෂීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙම නිවාස සංකීර්ණයේ සිදුකර ඇත.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී යූ. පී. උපවංශ යන මහත්වරු, නිලධාරීහු සහ නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya