මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොහිදින් මස්ජිඩ් නිවාස ක්‍රමය හෙට ජනතා අයිතියට

    නොවැම්බර් 18, 2014
    රුපියල් ලක්ෂ 35ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 10, මොහිදින් මස්ජිඩ් නිවාස ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) ප.ව. 4.30ට එම නිවාස ක්‍රමයේ දී සිදු කෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ නගමු පුරවර" මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර තිබේ.
     
    1992 වර්ෂයේ දී ආරම්භ කර ඇති මොහිදින් මස්ජිඩ් නිවාස ක්‍රමය ගොඩනැගිලි 2කින් සහ නිවාස 16කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.  ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම (දිරාපත් වී ඇති වඩිම්බු ලෑලි, වැහි පීලි, දිය බස්නා නළ, ඇලුමිනියම් ෆ්ලෑෂින් යෙදීම) මහල් නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම හා වර්ණාලේප කිරීම, මළ නාලිකා පද්ධති හා මනු වලවල් ප්‍රතිසංස්කරණය , අප ජල බැස යන කාණු පද්ධති පිළිසකර කිරීම, නිවාස ක්‍රමයට ඇතුල්වන ස්ථානයට විධිමත් ගේට්ටුවක් යෙදීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කර තිබේ.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පෙදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්වරුන්, නිලධාරීන්, නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya