අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල නියෝජ්‍ය ඇමති ජන්ම දිනය වෙනුවෙන් වැඩසටහන්

    නොවැම්බර් 14, 2014

    විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය එච්.එල්. ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ජන්ම දිනය ලබන 16 දිනට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් එදින සවස 6.00ට ආශිර්වාද පහන් පූජා පිංකමක් ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතය.


    නිවිතිගල ප්‍රාදේශීය සභාවෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ජයසේකර මහතා නිවිතිගල ආසනයේ ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායකවරයා ද‍ වේ.

    හිටපු මහවැලි ගංගාධාර හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා ග්‍රාමීය අමාත්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධූරයේ ද කටයුතු කර ඇති මොහු ශ්‍රී.ලං.නි.ප. තරුණ සංවිධානයේ භාණ්ඩාගාරික තනතුරත්, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසත් දැනට කටයුතු කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya