අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දිරිය නාගරික" නිවාස ණය ප්‍රදානය හෙට

    නොවැම්බර් 13, 2014
    "දිරිය නාගරික"නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා රුපියල් මිලියන 4ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පස්වරු 2.00 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර (නව) ගොඩනැගිල්ලේ 11 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී  සිදු කෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම"අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 
     
    අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා දිරිය නාගරික නිවාස ණය ලබාගත හැකිය. රුපියල් ලක්ෂ 2ක උපරිමයක් දක්වා මෙම නිවාස ණය ලබා ගැනීමට හැකියාව ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එම අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ පාලිත ගමගේ, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්‍, නිලධාරීන් සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya