අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා බටහිර බලවේගයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපේ පරම යුතුකමයි

    ඔක්තෝබර් 22, 2014

    තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට ආරක්ෂා කළ කෘෂිකර්මාන්තයෙන් රට සශ‍්‍රීක කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් බටහිර බලවේගයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපගේ පරම යුතුකම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 


    අමාත්‍යතුමා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ පාංශු සංරක්ෂණය හා ජීව වැටි කළමනාකරණය යටතේ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගොවි පවුල් 550ක් සඳහා අදාළ චෙක්පත් ප‍්‍රදානය කිරීම සහ කෘෂි උපකරණ බෙදාදීමේ උත්සවයට එක්වෙමිනි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා පවසා සිටියේ ජනාධිපතිතුමා පවසන පරිදි එතුමා මෙම මව්බිමේ අයිතිකාරයා නොවේ භාරකාරයායි. එහෙයින් එතුමා විසින් ආරක්ෂා කර දුන් මෙම මව්බිම අනාගත පරපුර සඳහා දායාද කිරීම අපගේ පරම යුතුකම ලෙස සැලකිය යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කුඩා තේ වතුහිමියන්හට කානු කැපීම සඳහා අක්කරයකට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම දැනට ක‍්‍රියාත්මක කර ඇති අතර එසේ ම පාංශු සංරක්ෂණ විද්‍යාඥයින් පවසා සිටින්නේ පස් අඟලක් පාංශු ඛාදනය වුවහොත් එය නැවතත් තිබූ තත්ත්වයට පත්වීමට වසර අසුවක් ගත වන බවත් ඇමතිවරයා කීය.

     එබැවින් පාංශු සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම අවධානයට යොමු කොට ගැනීමෙන් පස සරු කිරීමට බෙහෙවින් ඉවහල් වන ගිනිසීරියා ශාක සිටුවීම සිදු කළ යුතු බවත් එම ශාක අතු කපා වගා බිමට දැමීම තුළින් පසට කාබනික පොහොර එක් වීමෙන් පස සශ‍්‍රීක වන බවත් තේ වගාව සඳහා ද මෙසේ කාබනික පොහොර යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලබා දෙනවා සේ ම ගොවීන්ට වැඩි ආදායමක් ලබා ගැනීමට ද මෙය උපකාරී වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අවස්ථාවට හදබිම අධිකාරියේ නිලධාරීන් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පිරිසක් සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya