අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුර ඊළාම් රාජ්‍යයක වහලුන් බවට පත් කිරීමට මේ රටේ ජනතාව සූදානම් නෑ

    ඔක්තෝබර් 21, 2014

    රටේ අභියෝගවලට අභීතව මුහුණ දිය හැකි එක ම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පමණක් බවත් ත‍්‍රස්තවාදී අභියෝගය හමුවේ ප‍්‍රභාකරන්ගේ කකුල් දෙක අස්සේ සැඟවී සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත් කර අනාගත පරපුර ඊළාම් රාජ්‍යයක වහලුන් බවට පත් කිරීමට මේ රටේ ජනතාව සූදානම් නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසීය. 


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ පසුගියදා ශ‍්‍රී.ල.නි.ප. අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලයේ පැවති ජනාධිපතිවරණ මැතිවරණ සංවිධාන කටයුතු පිළිඳ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී.ල.නි.ප. පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

     

    එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය. "1976 යාපනයේ දී දුරෙයිඅප්පා ඝාතනය කරමින් කොටි සංවිධානය ඇරඹි ත‍්‍රස්තවාදී භීෂණය ජේ.ආර්., පේ‍්‍රමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන ජනාධිපතිවරුන්ට පරාජය කළ නොහැකි වූ බවත් ලොව දරුණුතම ත්‍රස්තවාදීන් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභියෝගය 2005 වසරේ අභීත ව බාරගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තුන් වසරක් ඇතුළත ප‍්‍රභාකරන් සමඟ ත‍්‍රස්තවාදයත් අවසන් කළ බව කීය.  

    එදා අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රභාකරන් ඉදිරියේ දනින් වැටී "සටන් විරාමය" නමැති මර උගුල අටවා උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය ප‍්‍රභාකරන්ට බන්දේසියක තබා බාර දුන් බවත් ලලිත් දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

     

    ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජයට පත් කිරීමට නො ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට හෝ අපේක්‍ෂකයකු සොයාගත නොහැකි ව විපක්‍ෂය නාස්තිකාර වී සිටින බවත් ඓතිහාසික උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජය විජයග‍්‍රහණයක් බවට පත් කිරීමට ජනතාව මග බලා සිටින බවත් කීය. 

     

    මෙහිදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මහත්වරුද අදහස් දැක්වූහ.

     

    අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    NDH

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya