අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය, වැපිරූ ‘බොරු වගාවේ’ ‘අස්වැන්න’ 21 දා නෙළාගත හැකියි

    සැප්තැම්බර් 16, 2014

    ජනතාව මුලාකර බලය ලබාගැනීමේ අරමුණින් මෙවර ඌව පළාත් සභා මැතිවරණයේ දී වැඩියෙන් ම බොරු කියූ වත්මන් විපක්ෂය, ඔවුන් විසින් ම තබා තිබූ ‘බොරු වාර්තාව’ අලුත් කර ඇති බවත්, විපක්ෂය ඌව පළාතේ  වැපිරූ ‘බොරු වගාවේ’ ‘අස්වැන්න’ මේ මස 21 දා අලුයම වනවිට නෙළාගත හැකි බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි. 

    වත්මන් රජය ඉතාමත් ඉවසීමෙන් ජනතාවට සත්‍ය වටහා දී ඇති බවත්, ඒ අනුව රජය ඌව පළාත් සභා මැතිවරණය වාර්තා පිට වාර්තා තබමින් ජයග්‍රහණය කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා වියලුව ආසනයේ කන්දකැටිය, කඳපොත්තාව ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මේ බව පැවසීය.

     

     එහි දී තවදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, “ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ නායකයා ලෙස සිටින තුරු මැතිවරණයක දී ජනතා ආශිර්වාදය ගන්න බොරු කියන්න අවශ්‍ය නැහැ. එතුමා රටට සාමය සමාදානය, එකමුතුකම ලබා දී රට තුළ අතිවිශාල සංවර්ධනයක් කරමින් වත්මන් රජයේ සැබෑ තත්ත්වය ජනතාව පෙන්වා දී තිබෙනවා. බොරුවලට මේ රටේ ජනතාව මුලා වූ යුගය දැන් නිමයි. නමුත් විපක්ෂය තවමත් බොරුවෙන් මැතිවරණ ජයගන්න බොළඳ උත්සාහයක යෙදී සිටිනවා. 

     

    එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික සාමාජිකයන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙනවා. ඒ වගේ ම එජාපයේ මහ ඇමති අපේක්ෂක සමඟ ගැටුම් ඇති වී එම පක්ෂයේ ඇතැම් පැරණි ආසන සංවිධායකවරුන් ඉල්ලා අස්වෙනවා. සැප්තැම්බර් 21 දා එළිවෙන විට විපක්ෂයට ඊටත් වඩා ඓශ්චර්ය පෙන්වන්න ඌවේ ජනතාව ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. විපක්ෂයේ ඇතැම් අයට පරාජයේ ඉව දැනිලා. එනිසා රජය ඌව පළාත් සභා මැතිවරණය ජයගත් සැනින් ආණ්ඩුවට එක්වීමට ඌව පළාතේ විපක්ෂ ප්‍රබලයින් රැසක් ම සූදානම් වන බව ඉතාමත් විශ්වාසනීය ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. මේක තමයි ඇත්ත. මාස ගණනාවක් පුරා පැවති නියඟයට ගොදුරු වුණ අහිංසක ඌවේ ජනතාවට ලබාදීමට තිබූ නියං සහනාධාර නතර කිරීමට උත්සහ කළ විපක්ෂයට ජනතාව නිසි පිළිතුරු ලබාදෙයි. රජය පක්ෂ, පාට, ජාති, ආගම්, කුල ආදී කිසිදු භේදයකින් තොර ව ඌව සංවර්ධනය  කර තිබෙනවා. එනිසා ඌවේ ජය රජයට බව ස්ථීරයි”.


    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


    මෙම අවස්ථාවට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් සරත් කුමාර මහතා ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya