අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට කොළඹ මාර්ග රැසක රථවාහන ධාවන සීමා

    සැප්තැම්බර් 16, 2014


    චීන ජනාධිපති ෂී චින්පිං (XI JINPING) මැතිතුමාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන ධාවනය අද පෙරවරු 10.30 සිට පස්වරු 1.00 දක්වා සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


     ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, බේස් ලයින් පාර, බෞද්ධාලෝක මාවත, බම්බලපිටියේ සිට ගාලු මුවදොර දක්වා ගාලු පාරේ වාහන ධාවනය මේ යටතේ සීමා කෙරේ.


    ඒ අනුව රථවාහන ධාවනය සීමාවන මාර්ග ලෙස අද (16) පෙ.ව. 10.30 සිට දහවල් 1.00 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, කැලණි පාලමේ සිට කනත්ත වට රවුම දක්වා බේස්ලයින් මාර්ගය, කනත්ත වට රවුම බම්බලපිටිය හන්දිය දක්වා බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හන්දියේ සිට ගෝල් ෆේස් වට රවුම දක්වා ගාලු පාර ද  අද සවස 4.30 සිට රාත්‍රී 8.00 දක්වා කොල්ලුපිටිය හන්දියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා ගාලු පාර, ලෝටස් පාර, බැංකු මාවතද හෙට (17) උදෑසන 8.00 – 11.00 දක්වා කොල්ලුපිටිය හන්දියේ සිට පරණ පාර්ලිමේන්තු වට රවුම දක්වා ගාලු පාර, චෛත්‍ය පාර ද හෙට පෙ.ව. 9.30සිට 12.00 දක්වා කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වට රවුම, ධර්මපාල මාවත, රතුකුරුස වට රවුම, පුස්තකාල වට රවුම, නෙළුම් පොකුණ මාවත, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. සංඥා ලාම්පු, බේස්ලයින් පාර, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයද රථවාහන ධාවනය සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya