අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුත්තල ඉදිකළ පළමු කොහු කර්මාන්ත ශාලාව විවෘත වෙයි

    සැප්තැම්බර් 16, 2014

    තමන්ගේ විෂය පොල් හා ජනතා වතු සංවර්ධනය වුවද වැඩ කිරීමට යාමේදි කිසි දිනක එක ම විෂයකට කොටු වී වැඩ කර නැති බව බුත්තල ප්‍රදේශයේ ඉදි කළ පළමු කොහු කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.


    එහි ප්‍රතිඵල ලෙස දිස්ත්‍රික්කයට අවශ්‍ය බොහෝ පහසුකම් ලබාදීමට හැකි වු බව හෙතෙම කීවේය.


    අමාත්‍යවරයා ඒ බව පැවසීය.
    මොනරාගල ජනතාවගේ දුප්පත්කම ගැන මැතිවරණ වේදිකාවල හෝ මාධ්‍ය ඉදිරියේ කියන්න පිරිස් හිටියද එම ජනතාව නඟාසිටුවීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් හදන්න කිසිවකු නැති බව ඒ මහතා කියා සිටියේය.


    එහෙත් වත්මන් රජය මේ වන විටත් විවිධ කර්මාන්ත හා රැකියා අවස්ථා ඇති කරමින් මොනරාගල ජනතාවගේ දුප්පත්කම තුරන් කරමින් සිටින බව පැවසු අමාත්‍යවරයා ඉදිරි වසර කිහිපයේදි දුප්පතුන්ගෙන් තොර සංවර්ධිත දිස්ත්‍රික්කයක් බවට මොනරාගල පත්කරන බව පැවසීය.


    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “විපක්ෂය කියන කතාවලට පිළිතුරු දෙනවාට වඩා වැඩකිරීම තමයි අපේ රජයේ අපේක්ෂාව. අද බලන්න රජයේ කිසි ම මැති ඇමැතිවරයෙක් නිකන් ඉන්නවද කියලා. රටේ නායකයා විදියට ජනාධිපතිතුමන් කොයි තරම් වැඩ කොටසක් කරනවද. එතුමන් එක තත්ත්පරයක් නිකන් ඉන්නවද. මේ රටේ තවත් නායකයෝ ඉඳලා තියෙනවා. ඔබ දැකලා තිබෙනවද වත්මන් ජනාධිපතිතුමා තරම් වැඩ කරපු නායකයෙක් ඉන්නවද කියලා. ඒකයි මම මුලදිත් කිව්වේ විපක්ෂය කියන දේවල්වලට පිළිතුරු දෙන්න කාලයක් නැහැ කියලා.


    කවුරුත් දන්නේ නැහැ පොල් ගහෙන් කොයිතරම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. අපි පොල් ගෙඩියේ තියෙන වතුර ටික වීසි කරනවා. අද අපි ඒ වතුර ටික පැකට් කරලා විකුණන්න පටන් ගෙන තිබෙනවා. සුදු පොල්තෙල් හදන්න කටයුතු කරලා තිබෙනවා.


    සෑම ග්‍රාමසේවා වසමකින් ම කාන්තාවන් 50දෙනෙකු තෝරාගෙන ඒ අයට පොල් ආශ්‍රීත රැකියා ලබාදෙන්න වැඩසටහන් සකස් කරමින් යනවා. එහෙම නැතිව දුප්පත් කිය කියා හිටියට දුප්පත්කම නැති වෙන්නේ නැහැ.


    පසුගියදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අපේ අමාත්‍යාංශයට ආවා. ඒ මහතා පුදුමාකර විදියට පැහැදුනා අපි මේ වෙන විට කරලා තිබෙන වැඩ කොටස ගැන. ඒ මහතා අපිට ප්‍රසංසා කළා. ඒකයි මම කියන්නේ මේ අමාත්‍යාංශය හරහා තව තවත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් කියලා.



    අද ලෝකයේ ඉන්න එක ම පොල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයා මමයි. ඒ නිසා රටවල් රැසකින් පොල් කර්මාන්තය පිළිබඳ උපදෙස් ගන්න අපි හමුවන්න එනවා. ඒ විතරක් නෙවෙයි ඒ රටවලට ආරාධනා කරලා තිබෙනවා. අද ආරම්භ කළ කර්මාන්ත ශාලාව වගේ තවත් කර්මාන්ත ශාලා රැසක් හදන්න කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා රජයෙන් අවශ්‍ය සෑම සහයක් ලබා දෙන්නත් කටයුතු කරනවා.


    මේ අවස්ථාවට පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya