අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධෛර්යවන්ත ජනතාවට සහන අරුණ ණය වැඩපිළිවෙළ මහත් අස්වැසිල්ලක්

    සැප්තැම්බර් 02, 2014


    "යුද්ධයෙන් පසු අළු ගසා දා නැගිටින ධෛර්යවන්ත ජනතාවට මෙම සහන අරුණ ණය වැඩපිළිවෙළ ජනාධිපතිතුමන් ලබා දෙන මහත් අස්වැසිල්ලක් යැයි දෙහිඕවිට හා දැරණියගල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පැවසීය. 


    දිවයින පුරා ඊයේ (01) ආරම්භ කරන ලද දිවිනැගුම සහන අරුණ ණය වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මැතිවරණ කොට්ඨාසය තුළ සාර්ථකව ක්‍රියාත්මක විය.

    දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අටුළුගම, බෝමළුව, පනාවල සමෘද්ධි බැංකුවලද දැරණියගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැඩසටහන දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී ක්‍රියාත්මක වූයේ නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. 


    ප්‍රාදේශීය දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වූ එම අවස්ථාවන් අමතමින් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  "යුද්ධයෙන් පසු අළු ගසා දා නැගිටින ධෛර්යවන්ත ජනතාවට මෙම ණය වැඩපිළිවෙළ ජනාධිපතිතුමන් ලබා දෙන මහත් අස්වැසිල්ලක් බවයි. 
     

    මේ ණය මුදල ලබා ගැනීම අනෙකුත් බැංකුවල මෙන් ඇපකරුවන් අවශ්‍ය නැහැ. එකම ඇපකරුවා  ජනාධිපතිතුමයි. එතුමා අපට ජීවත්වීමේ නිදහස ලබාදුන්නා සේ ම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කරමින් සිටිනවා. යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා සේ ම ඔබ වැනි අඩුආදායම් ලාභීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළට ගෙන ඉදිරියේදී හොඳ ව්‍යවසායකයන් බිහිකිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක මේ වැඩසටහන හේතුවනවා නොඅනුමානයැ"යි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya