මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ ජයග්‍රහණය හෑල්ලු කිරීමට විපක්ෂයේ වෑයමක්

    සැප්තැම්බර් 02, 2014
    ඌව ඡන්දෙන් ලැබෙන‍්නේ ජයග්‍රහණයක් නො ව විජයග්‍රහණයක් බවත් එම ජයග්‍රහණය හෑල්ලු කිරීමට විවිධ අවස්ථාවාදීන් උත්සාහ දරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  පසුගියදා මොනරාගලදී පැවති ජන හමුවක් අමතමිනි.
     
    "අද මොනරාගල දිස්ත්‍රික්කයේ ආණ්ඩුව භීෂණයක් ඇති කරලා කියලා එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව හොය හොයා ගහපු, ඡන්ද පොළවල්වලට බලෙන් ඇතුළුවෙලා ඡන්ද දාපු, ඡන්ද පෙට්ටි උස්සපු එක්සත් ජාතික පක්ෂයේ මහත්වරුන්ට වගේම ඡන්දේ දාපු මුල් දහදෙනාගේ අත් කපපු, හන්දි හන්දි ගානේ විරුද්ධ පාක්ෂිකයන්ගේ බෙලි කපල එල්ලපු ජේ.වී.පී. මහත්වරුන්ට අතීත භීෂණය අමතක වෙලා". 
     
    "මැතිවරණ ප්‍රචණ්ඩත්වය අහෝසි කළේ අපේ රජය. ගමට වැඩ කරපු අපිට භීෂණයක් පෙන්නලා ඡන්ද ගන්න වුවමනාවක් නෑ. අනික ඌවේ ජනතාව ඔය වගේ බොරු සන්දර්ශනවලින් බියගන්වන්න පුළුවන් අය නෙමෙයි".
     
    "අපිට අපි ගැන වගේ ම ඌව වෙල්ලස්ස ජනතාව ගැනත් විශ්වාසයි. එහෙම තමන් ගැන විශ්වාසයක් නැති වෙල්ලස්සේ මනුස්සකම නොදන්න මේ විපක්ෂය නැති භීෂණයක් මවාපානවා. තව කෙනෙකුගේ මරණයකින් ගොඩයන්න දඟලන මේ දෙගොල්ල මෙදා සැරසෙන්නෙත් ඒ විදිහේ උප්පරවැට්ටියකට".
     
    මෙවැනි අඳබාල දේශපාලන මගඩිවලට හසු නො වී, ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට සැවොම එක් ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya