මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිත කරන්නේ නෑ

    අගෝස්තු 28, 2014
    වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිත නොකරන බවත්, එම බලතල උපරිම අයුරින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා භාවිත කළ බවත්, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    නිකවැරටිය ආසනයේ බලදොර, කිරිමැටියාව, නෙලුම් යන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් අමාත්‍යවරයා  මේ බව පැවසීය.

     එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, දැදුරු ඔය ව්‍යාපෘතිය සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් නිකවැරටිය ඇතුළු වන්නියේ නව ආර්ථිකයක් නිර්මාණය වෙනවා. කෘෂි කර්මාන්තය ද නැංවෙනවා. වයඹට ජලය ගෙන ඒමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ ජනාධිපතිතුමා විතරයි. දැදුරු ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 90%ක් අවසන්. විදුලි බලයත් නිෂ්පාදනය කරන්න කටයුතු කරනවා. එය රුපියල් බිලියන 10ක ව්‍යාපෘතියක්. ආණ්ඩුව බංකොලොත් කියලා විපක්ෂය චෙදෙනා කරන්නේ කොහොමද? දැදුරු ඔයට සම්පූර්ණ වියදම දරන්නේ ලක් රජයයි. මෙවැනි සංවර්ධනයක් නිකවැරටිය ආසනය තුළ සිදුවෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණේ නැහැ. නිකවැරටියේ සංවර්ධනයට විතරක් රුපියල් ලක්ෂ 4,700ක් වැය කරනවා. යුද්ධය අවසන් කර වසර 05ක් තුළ තමයි මෙම සංවර්ධනය අවසන් කළේ. ඒවා විපක්ෂය විවේචනය කරනවා.
     

    ජනාධිපතිතුමා බොළඳ දේශපාලනයක් කරන්නේ නැහැ. මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ශක්තියක්. හැබැයි ඇතැම් හිමිවරු ජනාධිපතිතුමාත් විවේචනය කරනවා. ජනාධිපතිතුමාට කල්ලි නැහැ. ජනාධිපතිතුමා ඒකාධිපති බලතල පාවිච්චි කරන්නේ නැහැ.


    මෙම අවස්ථාවට කොබෙයිගනේ ප්‍රාදේශීය සභා සභාපති ධම්මික හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ති ඒකනායක යන මහත්ම මහත්මීහු  සහ විශාල ගොවි ජනතාවක් ද එක්ව සිටියහ.


    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya