මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනසෙවණ අත්වැල" නිවාස ණය මූල්‍යාධාර වැඩසටහන ඇරඹේ

    අගෝස්තු 28, 2014
    අඩු පහසුකම් සහිත නිවාස නඟාසිටුවීම සඳහා "ජනසෙවණ අත්වැල" නිවාස ණය මූල්‍යාධාර නව වැඩසටහන ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින ආරම්භ කෙරිණි.
     
    "ජනසෙවණ අත්වැල" අඩු පහසුකම් නිවාස ණය මූල්‍යාධාර වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් පළමු කාණ්ඩය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 95ක් වෙනුවෙන් රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමින් යුත් නිවාස ණය මූල්‍යාධාර ප්‍රදානය කිරීම විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණ. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව සෑම පවුලකට ම ජීවත්විය හැකි සුදුසු නිවසක් ලබාදීමේ අරමුණ මුල්කරගෙන විමල් වීරවංශ අමාත්‍යවරයාගේඋපදෙස් මත "ජනසෙවණ අත්වැල" අඩු පහසුකම් නිවාස ණය මූල්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ නිවාස ණය මූල්‍යාධාර ලබාගන්නා ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ රැසක් හිමි වේ. වෙනත් මූල්‍ය ආයතනවලට වඩා අවම මාසික ආදායමක් සහ අවම පොලී අනුපාතිකයක් ගණනය කර තිබීම, සහනදායී අඩු පොලී අනුපාතයක් යටතේ ණය ආපසු ගෙවිය හැකි වීම, දිගු කාලීනව වාරික ගෙවීමට අවස්ථාව හිමිවීම, අවම ඇප සහතික ඉදිරිපත් කිරීම හා නිවසේ සැලැස්ම හා ඉදිකිරීම් තාක්ෂණික උපදෙස් නොමිලේ ලබාගත හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිවේ. 
     
    අඩු ආදායම්ලාභී නිවාසවල ස්ථීර වහළ තැනීම, බිත්ති ශක්තිමත් කිරීම, දොරවල් හා ජනෙල් අලුත්වැඩියාව, නිවසේ බිමට සිමෙන්ති දැමීම, වැසිකිළි නිසි පරිදි සකස් කිරීමට හෝ නව වැසිකිළි තැනීම, ජලය හා විදුලිය පහසුකම් ලබාගැනීම වැනි අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම නිවාස ණය මූල්‍යාධාර ප්‍රදානය කෙරිණ.
     
    නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමානය වන විට නව නිවාස ඉදිකිරීම, පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ආදී විවිධ අංශ තුළින් ජනතාව අතරට ගොස් ඇත. නමුත් ජීවත්වීමට සුදුසු නිවසක් ඉදිකරගැනීමට කිසිදු හැකියාවක් නොමැති අඩු පහසුකම් භුක්ති විඳින පැල්පත්, මුඩුක්කු, කූඩාරම් වැනි ස්ථානවල ජීවත්වන වැසියන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් මහත්වරුන් ද නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    NMD 3298

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya