මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොබෙයිගනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැව් සංවර්ධනය කෙරේ

    අගෝස්තු 28, 2014

    කොබෙයිගනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිකවැරටිය ආසනය තුළ නබඩවැව, කිවුලවැව, පන්නව වැව සහ ගන්දරවැව යන වැව් ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා ආරම්භ කළ අතර, ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 60කට ආසන්න වේ.

     

     මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ යටතේ කොබෙයිගනේ වැව් 35ක රොන්මඩ ඉවත් කරනවා. හොඳ වැඩක් කරන්න. නැතිනම් බැණුම් අහන්න සිදුවෙනවා. රට තුළ දැන් වේගවත් සංවර්ධනයක් ඇති වෙලා. රජය මහා මාර්ග සංවර්ධනය කර අවසන්. පාරවල් හදලා කන්නද කියලා විපක්ෂය අහනවා. හැබැයි එහෙම විවේචනය කරලා එම මාර්ගයේ ම වේගයෙන් යනවා. 


    වර්තමානයේ ප්‍රදේශ කිහිපයකට නියඟය තිබෙනවා. එම නියඟයටත් රජයට බනිනවා. උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී ද විපක්ෂය රජය විවේචනය කළා. වතුර ටිකෙන් හරි දේශපාලනය කරන්න තමයි බලන්නේ. අපි හරියට නියඟය ඉල්ලාගෙන ගත්තා වගෙයි. ඌව පළාත් සභා මැතිවරණයේදී ද රජය පරාජය කරන බව කියනවා. නියං සමයේ රජ කාලෙත් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළා. වර්තමානයේ ස්වභාව ධර්මයත් වෙනස් වෙලා. ඒ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකයේ ම එහෙමයි. භුමිකම්පා, වර්ෂාව, නායයෑම් නැති රටක් ලෝකයේ කොහෙවත් සොයා ගන්න බැහැ. මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 2200ක් සංවර්ධනය කර අවසන්. 2004 දී ජනතා විමුක්ති පෙරමුණත් වැව් සංවර්ධනය කළා. ඔවුන් එහිදී නිධන් හෑරූ බවට තොරතුරු ලැබී තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් තිබුණේ ඔවුන් ළඟයි. වත්මන් රජය පාරක් හැදුවහම හොරකම් කළා කියනවා. රාජපක්ෂවරුන්ට මඩ ගහනවා. ජනාධිපතිතුමාට මඩ ගහනවා. ජනාධිපතිතුමාට මඩ ගහන අය ප්‍රවේශම් වෙන්න. මොකද දෙවිවරුත් මේ ලෝකයේ ඉන්න බව සිතා ගන්න. ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නායකයෙක් ”.

    මෙම අවස්ථාවට කොබෙයිගනේ ප්‍රාදේශීය සභා සභාපති ධම්මික හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ති ඒකනායක, ගොවිජන සේවා නිලධාරිනී ඩබ්.එම්.වයි. වනසිංහ යන මහත්ම මහත්මීහු සහ විශාල ගොවි ජනතාවක්ද එක් ව සිටියහ.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya