මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිල්ප 2014 - අද සිට

    අගෝස්තු 28, 2014
    ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත උළෙල අද (28) පස්වරු 3.30ට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.
     
    අද විවෘත වන ප්‍රදර්ශනය ලබන 31දා දක්වා පැවැත්වීමට නියමිත අතර ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා විවෘත ව පවතී. 
     
    ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයට සමගාමී ව "විසිත්රූ" නව නිර්මාණ ප්‍රදර්ශනය, "විසිත්මා" නිර්මාණ සංවර්ධන වැඩසටහන, "නව නිමැවුම්" ප්‍රදර්ශනය, "craft alive" විලාසිතා දැක්ම, හස්ත කර්මාන්ත අලෙවිපොළ හා දේශීය සංස්කෘතිකාංග රැසකින් ද සමන්විත වේ.
     
    දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීමට ලක්කිරීම උදෙසා සෑම වසරක් පාසා ම පවත්වනු ලබන මෙම තරගය ජාතික ප්‍රදර්ශනයට පෙර පළාත් 9ම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ පළාත් තරගවලින් ජයග්‍රහණය කළ නිර්මාණ 200ක් පමණ මෙහිදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. 
     
    ජාතික මට්ටමින් ජය ගන්නවුන් සඳහා ස්වර්ණ, රජත, ජාතික ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා ලෙස ජයග්‍රහණ ලබාදීම සිදු කෙරේ. 
     
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, තල් සංවර්ධන මණ්ඩලය, කිතුල් සංවර්ධන මණ්ඩලය එක් ව මෙය සංවිධානය කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya