මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අච්චුවේලි කාර්මික ජනපදය විවෘත වෙයි

    අගෝස්තු 27, 2014
    යාපනයේ අච්චුවේලි හි ඉදිකරනු ලැබූ කාර්මික ජනපදය අද (27) පෙරවරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
     
    ඉන්දීය රජයෙන් ලද රුපියල් මිලියන 220 මුදලක් හා ශ‍්‍රී ලංකා රජයෙන් ආයෝජනය කරන ලද රුපියල් මිලියන 50ක මුදලකින් මෙම නව කර්මාන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. පළමු අදියරේ දී අක්කර 25ක භූමි ප‍්‍රමාණයක නව සේවා කටයුතු ආරම්භ කෙරේ.
     
    1969 වසරේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ආරම්භ කරන ලද මෙම කර්මාන්ත පුරවරය පැවැති ත‍්‍රස්තවාදී ක‍්‍රියා නිසා එහි නිෂ්පාදනය කටයුතු 1986 වසරේ සිට නවතා දමා තිබුණි. 2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්තිය යටතේ උතුරු වසන්තය වැඩසටහන මගින් නැවත මෙම කර්මාන්ත පුරවරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.
     
    ෆයිබර්, ජලනල, මාළු දැල් නිෂ්පාදන කර්මාන්ත මෙන්ම කුඩා පරිමාණයේ ඉංජිනේරුමය අවශ්‍යතාවන් සඳහා වූ කර්මාන්ත ද මෙහි ස්ථානගත කර ඇත.
     
    මෙම කර්මාන්ත ජනපදය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya