මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ගම්මිරිස් දිනය සැමරීම මෙවර මාතලේ දී

    අගෝස්තු 28, 2014
    අන්තර්ජාතික ගම්මිරිස් දිනයට සමගාමී ව ශ්‍රී ලංකාවේ ගම්මිරිස් දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවය පසුගිය සඳුදා පෙරවරු 9.00ට සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 


    මේ අවස්ථාවට සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, අන්තර්ජාතික ගම්මිරිස් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ලයනල් ගුණරත්න, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ, කථිකාචාර්ය වෛද්‍ය නිරාෂා ගුණරත්න යන මහත්ම මහත්මීහු සහ ගොවි ජනතාව සහභාගි වූහ.

     

    අන්තර්ජාතික ගම්මිරිස් දිනයේ සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් විසින් පසුගියදා සමරනු ලැබිණි. මේ අවස්ථාවට එක්වූ සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙසේද පැවසීය. "ගුණාත්මක බවින් යුත් ගම්මිරිස් නිෂ්පාදනය කිරීම සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීමටත් අප උපක්‍රමශීලී විය යුතුයි. එසේ ම උත්සාහ ද කළ යුතුයි. දේශීය කුළුබඩු, ගම්මිරිස් භාවිත කිරීමෙන් සෞඛ්‍යසම්පන්න බවට හා රෝග නිවාරණයට ලැබෙන දායකත්වය ජනතාව විසින් ඉගෙන ගෙන කෘත්‍රිම රසකාරක භාවිත කර පිසීමට හුරු වී සිටින මේ සමාජ රටාවේ දුර්විපාක අවබෝධ කර ඉන් අත්මිදිය යුතුයි." ස්වභාවික ගම්මිරිස් වැනි කුළුබඩුවල තිබෙන ජීව ශක්තිය උකහා ගත් ප්‍රජාවක් බවට පත්වීමට ද අධිෂ්ඨාන කර ගත යුතු බව කීය.

     

    කථිකාචාර්ය වෛද්‍ය නිරාෂා ගුණරත්න මහත්මිය ද මෙහිදී අදහස් දැක්වීය. ආයුර්වේදයට අනුව "මරීච" ලෙස හඳුන්වන ගම්මිරිස් ශාකය තිප්පිලි කුලයට අයත් වන අතර ලංකාවේ ආයුර්වේද ඖෂධයක් ලෙස ද භාවිත කරන බව පැවසුවා. ආයුර්වේදයට අනුව රස වශයෙන් කටුක වුව ද ගම්මිරිස් නාඩි පද්ධතිය, ස්වසන පද්ධතිය, ප්‍රතිසංස්කරණ පද්ධතිය ආදී උත්තේජනයටත් ස්නායු යාකෘතික උත්තේජනයටත් අග්නිදීපනය ආදී බොහෝ ගුණවලින් අනූන බෝගයක් බවත් ඇය සඳහන් කළාය.

     

    මෙහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන් වෙත නොමිලේ ලබා දෙන ගම්මිරිස් පැළ හා මූල්‍ය ආධාර ප්‍රදානයක් ද සිදු කළ අතර ස්වයංරැකියාලාභින් ලෙස ගම්මිරිස් කප්පාදුකරුවන් පුහුණු කර වටිනා සෙවණ කප්පාදු උපකරණ කට්ටලයක් පිරිනැමීමට පියවර ගැනිණි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya