මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් මාධ්‍ය නිදහස උපරිම ලෙස අගයන රටවල්

    අගෝස්තු 27, 2014
    රටවල් අතර මිත්‍රත්වය හා  සාමය ගොඩනැගීමේදී ඒ රටවල ජනමාධ්‍යවේදින්ට මහත් මෙහෙයක් ඉටුකළ හැකි යැයි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ඒ. නඩරාජා මහතා සඳහන් කරයි.
     
    ඔහු එසේ සඳහන් කළේ මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ  සිටින 40 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීයානු වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ නියෝජිත පිරිස් පිළිගැනීම සඳහා ඊයේ (26) කෑගල්ලේ  රඹුක්කන පැවති උත්සව සභාව අමතමිනි.
     
    ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදී සංගමයේ ඇරයුමින් මෙරට පැමිණි මෙම ඉන්දීය ජනමාධ්‍යවේදී පිරිසට එරට විවිධ ප්‍රාන්ත නියෝජනය කරන ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන් මෙන් ම ඉන්දීයානු වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපති  වික්‍රම් රාඕ සහ එම සංගමයේ ලේකම් පරමානන්ද් පාණ්ඩේ යන මහත්වරු ද අයත් වූහ.
     
    සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ මැදිහත්වීම මත ඔවුන් ඊයේ (26) සබරගමු පළාතේ රඹුක්කන සංචාරක පුරවරයට  පැමිණ අවස්ථාවේ දී  කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට ඔවුන් සමග අදහස් හුවමාරුවට ද  අවස්ථාව ලැබිණි.
     
    මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස් ඒ. නඩරාජා මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර  සබඳතාවන් සියවස් ගණනාවක් දුරාතීතයට දිවෙන බවය. අප දෙරට අසල්වැසියන් පමණක් නොව ඥාතීන්ද වන බව  ඒ මහතා කීය.
     
    රටවල් අතර  සුහදතාව ගොඩනැගීමේදී  පුවත්පත් කලාවේදින්  මහත් මෙහෙයක් ඉටුකරන බවත් ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකාව ද මාධ්‍ය නිදහස අගයන  දෙරටක්  බවත් සඳහන් කළ  ඒ මහතා මෙසේ දෙරටේ මාධ්‍යවේදීන් එකිනෙකාගේ රටවල සංවර්ධනයට අදාළ අත්දැකීම් හුවමාරු කරගනිමින් ඒ හරහා  එම දෙරටේම  යහපතට නව ප්‍රවේශයක් විවෘත වන බවද නඩරාජා මහතා කීය.
     
    ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මැනවින් දැකගැනීමටත් ශ්‍රී ලංකාව ලබමින් සිටින සංවර්ධනය  සියැසින් දැක බලා ගැනීමටත්  මෙය මහඟු අවස්ථාවකැයි ද  ඒ මහතා වැඩිදුරටත් කීය.
     
    සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඒ. නඩරාජා යන මහත්වරු සබරගමු පළාතේ අන්තර් ආගමික වාර්ගික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කරන මෙහෙය අගයමින් ඉන්දිය පුවත්පත් කලාවේදීහූ ඔවුන් හට රන්සළු පොරවා උපහාර දැක්වීමද මෙහිදී සිදුවිය.‍
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya