මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන වාසි ගැනීම සරසවි සිසුන් යොදා ගන්නවා

    අගෝස්තු 27, 2014
    අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මහපොළ ශිෂ්‍යත්වය වැඩිකිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබිය දී දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමට සමහර දේශපාලන පක්ෂ අහිංසක සිසු සිසුවියන් පොළඹවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    "අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව අපි අදාළ සියලු පාර්ශ්වයන් විශේෂයෙන් ම මහපොළ භාරකාර මණ්ඩලය, අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩලය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල බලධාරින් සමඟ කථාකර අවසානයි. මේ කරුණු කාරණා සටන් පාඨ ලෙස  භාවිත කරමින්, අවුරුදු ගණනාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සියල්ල තමන්ගේ ගිණුමට බැර කරගැනීමට දරණ උත්සාහය අප පිළිකුළෙන් යුතු ව හෙළා දකිනවා". 
     
    "මේ දේශපාලන අන්තවාදීන්ගේ ආත්මාර්ථකාමී ක‍්‍රියා කලාපයන් නිසා අසරණ වන්නේ අහිංසක දෙමාපියන්ගේ සිසු දරු දැරියන්. මේක රටේ පොදු ජනතාව පැහැදිලිව තේරුම් ගතයුතු කරුණක්". 
     
    අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සිදුකරගෙන යනවා. පීඨ ගොඩනැගිලි, පරිපාලන ගොඩනැගිලි, දේශන ශාලා, ශිෂ්‍ය මධ්‍යස්ථාන, නේවාසිකාගාර, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, භාෂාගාර ඇතුලු පහසුකම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉදි වෙනවා. 
     
    2005 වසරෙන් පසුව විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය වු බවත් විශ්වවිද්‍යාල විශ්ව අධ්‍යයන මධ්‍යස්ථාන බවට පත් කරන්නට වැඩසටහන් ක‍්‍රියාත්මක වුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය දින අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya