මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලාංකිකයන්ට ඩුබායිහි නව රැකියා අවස්ථා

    අගෝස්තු 27, 2014

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින රැකියා අවස්ථාවන් සඳහා ශ‍්‍රී ලාංකික වෘත්තිකයන් වැඩි වශයෙන් බඳවා ගැනීමේ අවස්ථාවන් ලබාගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් කේ. අල් මුල්ලා මහතා සහ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා අතර තානාපති පරිශ‍්‍රයේදී පසුගියදා පැවැති සුහද හමුවකදී මේ බව සාකච්ඡා වූ බව සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරක ආකර්ෂණීය රටක් වශයෙන් හා සේවා ස්ථානයන් බහුලව පැවැතීම නිසා ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමේ අවධානය මෙහිදී යොමු කළ අතර සංචාරක වීසා මඟින් සංක‍්‍රමණ වැඩිවීම නිසා ඇති වී තිබෙන තත්ත්වය මඟහරවා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. මෙම කරුණු සඳහා එමීර් රාජ්‍යය යහපත් ප‍්‍රතිචාරයන් දැක්වූ බව ද සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya