මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේරවලවත්ත ළමා රැකවරණ මධ්‍යස්ථානයට මුල්ගල තබයි

    අගෝස්තු 27, 2014
    දිවයින පුරා පළාත් මට්ටමින් ළමා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන යටතේ උඩුනුවර, වේරවලවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ළමා රැකවරණ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 
     
    මධ්‍යම පළාත වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නව දෙමහල් රැකවරණ මධ්‍යස්ථානය සඳහා රජය රුපියල් ලක්ෂ 150ක් වැය කරයි.
     
     
    නීතිය සමඟ ගැටුම් ඇති කරගත් දැරියන් රඳවා තැබීම සඳහා මෙම රැකවරණ මධ්‍යස්ථානය යොදා ගැනීමට නියමිත අතර, දැනට මධ්‍යම පළාතේ එවැනි රැඳවුම් මධ්‍යස්ථානයක් නොමැත. සියලු ම පහසුකම්වලින් යුත් මෙම නව මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසර නිමවීමට පෙර අවසන් කළයුතු අතර, එහි රැඳවියන් තිස්දෙනෙකුට නේවාසික පහසුකම් ඇත. ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට මේ වසරේ ලබාදී ඇති රුපියල් මිලියන හත්සියයේ වි‍ශේෂ ප්‍රතිපාදන යටතේ මෙලෙස පළාත් මට්ටමින් ළමා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකෙරෙන බව වේරවලවත්ත ළමා රැකවරණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    සමස්ත ජනගහණයෙන් සියයට තිහක් පමණ වූ මේ රටේ දරු පරපුර තරම් වටිනා සම්පතක් මේ රටේ නොමැති බවත්, තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් රටවල් අතර, යුද්ධ ඇතිකර දරුවන් මරාදමන බටහිර රට‍වලට දරුවන්ගේ අගය පිළිබඳව මෙන්ම ඔවු‍න්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන ශ්‍රී ලංකාවෙන් බොහෝ පාඩම් ඉගෙනගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය. 
     
    එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,  “  මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ මෙරටට අසත්‍ය චෝදනා නඟන ඇතැම් බටහිර ර‍ටවල්වලට මුලින් ම මානව හිමිකම් ගැන සිහිපත් කර දිය යුතුයි. ඉන්ධන ඇතුළු ස්වභාවික සම්පත් සූරාකෑමේ අරමුණින් විවිධ රටවල් අතර යුද්ධ ඇති කරන බටහිර ඇතැම් නායකයන් සාමය ගැන ලෝකයට කියාදීමට උත්සාහ ගැනීම හාස්‍යයට කරුණක්. අද‍ මේ රටේ උතුරේ  හා දකුණේ දරුවන් කාන්තාවන් ඉතා සතුටින් ජීවත්වෙනවා. ඔවුන් යුද්ධයක් ගැන මතක් කරනවාටවත් අකමැතියි.

    දරුවන්ගේ හා කාන්තාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රායෝගික වැඩසටහන් රාශියක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය ලැබී  තිබෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ දී ඒ ඒ පළාත් අනුව පමණක් නොව ජාතික වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක කළ යුතුයි. මේ රට ගොඩනගන්න, සංවර්ධනය කරන්න පිටරටවල උපදෙස් , මඟපෙන්වීම් අවශ්‍ය නැහැ. ඒ සඳහා මේ රටේ උගත්, බුද්ධිමත් බොහෝ පිරිසක් සිටිනවා. අපි ඔවුන්ගේ වටිනාකම තේරුම්ගෙන ඔවුන්ගේ නිසි සේවයක් ලබාගෙන නැහැ. 
     
    දරුවන් ආරක්ෂා කිරීමේ  ප්‍රධාන වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි. ඒ වගේම තමයි අද වෙනත් දරුවෙකුට වූ විපත හෙට තමන්ගේ දරුවට විය හැකියි. එනිසා මේ රටේ සියලු දරුවන් තමන්ගේ දරුවන් ලෙස සිතා ඔවුන් රැකබලා ගැනීමේ යුතුකම හා වගකීම මේ රටේ සියලු ම දෙමාපියන් වෙත පැවරී තිබෙනවා.”

     මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය, සමාජ සුභසා‍ධන පරිවාස හා ළමාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල යාලේගම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර, මධ්‍යම පළාත් සෞඛ්‍ය, සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ කේ. කැකුලන්දර, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා ‍අලවත්ත, පරිවාස හා‍ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා, සහකාර පරිවාස කොමසාරිස් නිර්මලී කුමාරගේ සහ මධ්‍යම පළාත් පරිවාස කොමසාරිස් කුමුදුනී එස්. ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වුහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya