මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර තවත් ජන සෙවණ නිවාස සංකීර්ණයක වැඩ ආරම්භ වේ

    අගෝස්තු 27, 2014
    ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ සහශ්‍ර ලංකා ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට ඇතුළත් නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන තවත් ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. 

    මහනුවර පල්ලේකැලේ ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 පෙ.ව. 10.00‍ට  පල්ලේකැලේ ව්‍යාපෘති භූමියේදී පැවැත්වීමට නියමිතය.

     

    තට්ටු නිවාස සංකීර්ණයක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම ව්‍යාපෘති මහල් හතරකින් සමන්විතය. සැලසුම් තුනකට ඉදිකෙරෙන නිවාස වර්ග තුනකින් සමන්විත මෙම නිවාස වර්ග අඩි 1023 සිට 1176 දක්වා ප්‍රමාණ තුනකින් සමන්විතය. රුපියල් ලක්ෂ 79, 89 සහ ලක්ෂ 92 දක්වා මිල ගණන් යටතේ මෙම නිවාස මිල දී ගැනීමට හැකියාව ඇති අතර ගෙවීමේ පදනම මත නිවාස ලබා දීම පිළිබඳව ද සලකා බලනු ඇත.

     

    පිහිනුම් තටාකයක්, ශරීර සුවතා ඒකකයක් ඇතුළු තවත් පොදු පහසුකම්වලින්ද සමන්විත මෙම නිවාස සංකීර්ණය සඳහා පැය 24ම ක්‍රියාත්මක වන ආරක්ෂක සේවාවක් ද ඇතුළත්ය. 

     

    නිවාස සංකීර්ණය වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya